කඩවත කෙරවලපිටිය අධිවේගයෙන් කෝටි 4,850 ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කොමිස් ගහලා..

July 27, 2018 at 2:10 pm | lanka C news
කඩවත කෙරවලපිටිය අධිවේගයෙන් කෝටි 4,850 ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කොමිස් ගහලා..

පසුගිය රජය තමන් විසින් ඉඳිකරනා ලද අධිවේගී මාර්ග ගැන ආඩම්බරයෙන් කතා කරද්දී එය අවතක්සේරු කිරීම සඳහා එකල විපක්ෂය විසින් භාවිත කරනා ලද උපක්‍රමය වූයේ අධිවේගී මාර්ග තැනීම සඳහාඅති විශාල මුදලක් වැය වෙන බවටත් එයට හේතුව කොන්ත්‍රාත් දීමේදී රජයේ ප්‍රබලයන් විශාල වශයෙන් කොමිස් ලබා ගැනීම බවටත් මතයක් ඉතා සාර්ථකව ජනගත කිරීමය.අධිවේගී මාර්ග හදන්නේ රත්තරන් වලින්දැයි දේශපාලන වේදිකාවල ප්‍රශ්ණ කෙරුනි. මෙම තර්කය පොදු අපෙක්ෂකයාගේ ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ මැතිවරණ ප්‍රකාශයටද ඇතුලත් වී තිබුනි. එහි 8 වන පිටුවේ මෙසේ කියැවේ.

‘මින් පෙර කතා කලේ 10% කොමිස් ගැනය. අද කතා කරන්නේ 90% කප්පම් ගැනය. කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට සමස්ථයක් ලෙස කෝටි 730ක් වැය කරන්නේ නම් ඉන් ගසා කන ප්‍රමාණය කෝටි 520 ක් පමන වේ’

කොටින්ම කියනවානම් කිලෝමීටරය රුපියල් කෝටි 210 ට හදන්නට පුලුවන්කම තිබියදි එයට පසුගිය රජය රුපියල් කෝටි 730 ක් වියදම කරන බවක් ඉන් කියැවිනි. මෙසේ සඳහන් වුයේ එසේ මෙසේ ලියවිල්ලක නොවේ. වගකිව යුතු ලියැවිල්ලක් වන ජනාධිපතිවරණ මැතිවරණ මැතිවරණ ප්‍රකාශණයකය.

කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව ප්‍රධානය කිරීමට පෙර රජය වෙනස් විය. ඒ සඳහා පසුගිය රජයේ ඇස්තමේන්තුව වී තිබුනේ රුපියල් කෝටි 6,800 කි. පොදු අපෙක්ෂකයාගේ මැතිවරණ ප්‍රකාශය අනුව සැබෑ වියදම විය යුතුව තිබුනේ කෝටි 2600 ක් පමනි.

කලින් මෙම අධිවේගී මාර්ගය සැලසුම් කල තිබුනේ මංතීරු 6 කටය. නව රජය එය මංතීරු 4 කට අඩු කලේය. ඒ අනුව මැතිවරණ ප්‍රකාශණයේ ඇති තර්කය අනුව වියදම තවත් අඩුවිය යුතුය.දල වශයෙන් රුපියල් කෝටි 1750 ට පමන අඩු විය යුතුය.

නමුත් නව රජය බලයට පත් වී මාස කිහිපයකට පසු අලුත් කැබිනට් පත්‍රිකාවකින් මංතීරු 4ට අඩුවු පාරට අනුමැතිය ලබා ගෙන තිබුන මුදල රුපියල් කෝටි 6600 ක් විය.

දැන් ගැටලුව සංකීර්ණය. අලුත් රජයේ කවුරුන් හෝ රුපියල් කෝටි 4850 ක පමන මුදලක් කොමිස් ලෙස ගත්තාද ?. නැත්නම් එදා පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුනේ බොරුවක්ද ?

දින සීයේ මැතිවරණ ප්‍රකාශය ලිව්වේ කවුද කියා තමන් නොදන්නා බව ප්‍රසිද්ධියේ පිලිගත් වත්මන් ජනාධිපතිතුමා සමහරවිට මෙම ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ මැතිවරණ ප්‍රකාශය ලිව්වේ කවුද කියාත් නොදන්නවා විය හැක.

– nalaka godahewa FB

29 views

4 Comments to “කඩවත කෙරවලපිටිය අධිවේගයෙන් කෝටි 4,850 ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කොමිස් ගහලා..”

  1. Winsara says:

    naththam kawuda danne elecion ekata wiyadam kale ewada kiyala. Appa niyaya ne. munwa ula thiyanna ona oluwen hitola.

  2. Sunil says:

    Prajithadha, Kiri Alladha?

  3. wijebahu says:

    nalaka godahewa. licking the ass of Rajapases. he himself has corruption charges being investigated.

    • NAK says:

      Charging someone is no big deal. Any one can make charges but one must have proof of the charge.
      This is what now we see. All the charges that were made during the last presidential elections were all nothing but empty charges!

Main News