ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇදිරි නීතිය පනවයි..

October 21, 2020 at 2:10 pm | lanka C news
ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇදිරි නීතිය පනවයි..

අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

එය එළැඹෙන සදුදා දින අලුයම 05.00 නැවත ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අතර කඩවත පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි බංගලාවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයට සංචාරන සීමා පැනවීමට කටයුතු කර තිබේ.

එම ප‍්‍රදේශයන්ගෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමු වූ නිසා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ නැවත දැනුම් දෙන තුරු මෙම  සීමා ක්‍රියාත්මක බවයි.

73,186 views

10 Comments to “ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇදිරි නීතිය පනවයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    බ්‍රැන්ඩික්ස් අයයි ඔවුන්ගේ ආශ්‍රිතයොයි හම්බ වෙනකම් අමාරුවෙන් ඉවසන් උන්නා. දැන් මාළු විකුණන අය පෑළියගොඩින් ගෙනාපු මාළු අරන් කාපු අයයි ඔවුන්ගේ ආශ්‍රිතයොයි හම්බ වෙනකමුත් ඉන්න වෙලා…. හත් ඉලව්වේ ඇයි තිස්තුන් කෝටියක් දෙවියනේ මම ගම්පහ දිස්ත්‍රික්කයේම ඉපදුනේ ???

    • Shyama says:

      Don’t worry, situation will be better.

    • සමනලයා says:

      ලංකාවේ හොදම දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්න ලැබෙන එකත් පිනක් බං. ⁣සොබාවික උවදුරු අඩුම.. මෙරට ආර්ථිකයට 40% දායකත්වයක් ලබාදෙන, කාර්මික කෘෂිකාර්මික දෙඅංශයම එක වගේ තියෙන. අගනුවරක් මෙන්ම වානිජ නගරයක් යන දෙකම ඇති කුඩා රටක් බදු ගංගා දෙකකට කදු පන්තියකට ඉන්දියානු සාගරයට මැදි වූ උගතුන් විශාල වශයෙන් සිටින ගම්පහ ඉපදීම ගැන සතුටුවිය යුතයි.

      • baiya says:

        Gampaha ipadendath pin karala thiyenda ona. gampaha kiyanne ratak. gampaha nathnam lankawak naa.raten baagayak jeewath wenne gampaha rassawal karala. katunayaka, biyagama, ekala, malwatta, wathupitiwala, loluwagoda karmanthapurawala rassa karala lankawe janagahanayen kaalak vithara jeewath wenne. lankawe wadima janagahanaya inna hondama desagunayak thiyana soba dahame ashirwadaya labena gampaha inna api pinwanthai.

  2. නාරද says:

    ඉතා ඉක්මනින් ආර්ථිකයට ද අයහපතක් නොවන අයුරින් වසංගතය පාලනයට ඉඩ ලැබෙවා!.

    හැමෝම වගකීමෙන් කටයුතු කල යුතුයි. දේශපාලකයන්, දොස්තර මහතුන්, සෞඛ්‍ය අංශ, හමුදාව කරන වැඩ පිළිවලට ජනතාව සහයෝගය දෙනවා. පාලනය කිරීම ප්‍රමාදය ගැන සහ ව්‍යාප්තිය ගැන ජනතාව කණස්සල්ලෙන් ඉන්නේ

  3. ඊරි යකා says:

    කෝ බොල අර පම්පෝරි ගහාපු හෙළ වෙද්දු, උන් කොරෝනා හැදී සුවර්ගස්ත වෙලාද. අනේ අම්මපා උන්ගේ පොර ටෝක්, කාට කියන්නද මේ දෙවල්?

    • kamal says:

      බොල යකෝ, සම්පුර්ණ රෝගීන් 5920, මරණ 13, ප්‍රතිසතය 0.21%, මොකුත්ම හිතුනේ නැත්ද? පකනිල් ගහල නෙමේනේ

  4. dev says:

    hadena katawath danger naa wage
    mama hitanne eka loku jayagrahanayak

  5. Ranjith says:

    ගම්පහ දිස්ත්‍රික්කයේ ගමනාගමනය සම්පුර්ණ යෙන් නතරකොට සියලුම කර්මාන්ත ශාලාවන් වසා මෙම සති අන්තයේ කොරෝන ආසාදිතයන් සොයා ලබන සුමානයේ ඇඳිරිනීතිය ඉවත් කොට වැඩ පටන් ගන්න නියෝගයක් දෙන්න බැරි ඇයි ?

  6. සමන්ත says:

    ආර්ථිකයේ 40%ක් ගම්පහ දිස්ත්‍රික්කයේ නිසා සම්පූර්ණයෙන් වසා දැමිය නොහැකි කිය කියා කොරෝනා පැතිර යනකම්ම ලොක් ඩවුන් නොකර සීටීමේ පව දැන් ගෙවන්න වෙලා තියෙන්නේ. මුලින්ම සම්පූර්ණ දිස්ත්‍රික්යම ලොක් ඩවුන් කලා නම් මෙච්චර දුරට කොරෝනා පැතිර යාමක් නොවන්නත් තිබුනා..

Main News