කඩහඬ සනාථයි.. රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට.. DIG ගස්

October 13, 2018 at 2:10 pm | lanka C news
කඩහඬ සනාථයි.. රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට.. DIG ගස්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය සදහා කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා එල්ල වන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාරගේ කටහඬ දුරකතන ඇමතුම්වල කටහඬ ඔවුන්ගේම යයි තහවරු වී ඇති බව වාර්තා වෙයි.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් වන රස පරීක්‍ෂක වාර්තාව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර දී ඇති බවයි.

දින කිහිපයකට පෙරදී රසපරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් නාලක ද සිල්වාගේ සහ නාමල් කුමාරගේ කඩහඬ ලබාගෙන තිබිණ.

මේ වන විට ඔවුන් දෙදෙනාටම විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇත.

48 views
Main News