කඩා වැටුනු ගුවන් හමුදා යානයේ පින්තූර මෙන්න..

January 3, 2020 at 12:00 pm | lanka C news
කඩා වැටුනු ගුවන් හමුදා යානයේ පින්තූර මෙන්න..

විරවිල ගුවන් හමුදා කදවුරේ සිට ගුවන් ගත වු ගුවන් හමුදාවට අයත්  වයි 12 ගුවන් යානයක් තම්බපිල්ලේ වතුයාය ප්‍රදේශයේදි අද (03) උදැසන 9 ට පමණ කඩා වැටි ඇත.

අනතුරට පත් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා සහ තවත් ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හපුතලේ පොලිසිය පැවසිය.

කඩා වැටුණු වයි 12 ගුවන් යානය  ගිනි ගැනිමෙන් අනතුරුව එය නිවා දැමිමට එම වතු යායේ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරතවි ඇත.

ගුවන් අනතුරෙන් ජිවිතක්ෂයට පත් ගුවන් නියමුවන් දෙදෙනාගේ සහ තවත් ගුවන් හමුදා නිලධාරින් දෙදෙනෙකුගේ සිරුර මේ වන විට හපුතලේ මුලික රෝහලේ තැන්පත් කර ඇති බව හපුතලේ පොලිසිය පැවසිය.

ගුවන් අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාව සහ හපුතලේ පොලිසිය වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

2,508 views

9 Comments to “කඩා වැටුනු ගුවන් හමුදා යානයේ පින්තූර මෙන්න..”

  1. ගුණසේන අන්ද්‍රහන්නදී says:

    මෝඩ මිනිස්සු, හිතෙන්නේ ත්‍රී වීලයක් එලවනවා වගේ කියලා.

  2. නිරීක්ෂකයා says:

    මේ රටේ ආරක්ෂක අංශ අතුව නවීන යුධ වත්කම් කිසිවක් නෑ. යුද්දේ කාලේ මෙන්ම ඊටත් ප්‍රතම සිට තිබෙන දේවල් තමයි තාම තියෙන්නේ. ප්‍රහරක මිග් යානා එකක් පමණක් ඇති බවත් එයත් කඩා වැටීමේ අවධානම වැඩි බව හිටපු හමුදා පති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

    තත්වය මෙසේ තිබියදී අලුත් යුධෝපකරන සහ ප්‍රහාරක යානා මිලදී ගැනීමට මෙරටට මුදල් නෑ. භාණ්ඩාගාරය හිස්. අනෙක දේශපාලන පොරය වසර 71ක් යහමින් කරගෙන ගිය නිසා රට සංවර්ධනය වුනේ නෑ. දැන් අලුත් ආණ්ඩුව ආව ගමන් මිග් – සූකෝයි – රෆායෙල් වගේ යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට ආර්තික ශක්තියක් නැහැ. කළාපීය රටවල යුධ වත්කම් දිහා බැලුවාම අපි ඉතා අසරණ දුප්පත් තැනකට වට්ටලා තියෙන්නේ. ජාතික ආරක්ෂාව අභ්‍යන්තරව පමණක් තහවුරු කර ගත්තත් ඇමෙරිකාව සහ චීනය – ඉන්දියාව අතර බල අරගලයේදී අපේ රටට වෙන්නේ බලවතෙකුට යටත් වීම පමණයි. මේකයි ඇත්ත…මේකයි යතාර්තය. ඒ අනුව තමයි MCC SOFA ACSA ගිවිසුම් මේසේ මත තිබෙන්නේ සියලු විකල්පයන් ලෙස.

    • Think Tank says:

      Are we planning to wage war against India or China or any other country in the coming years?
      Otherwise, why we need such a large volume of sophisticated weapons?

  3. amal says:

    අසුභ ලකුණක් .ජනාධිපති ජාතිය අමතන කොට සිද්ද වුනේ ..ගිය සතියේ ත්‍රී වීල් එකේ ගිහින් හතරක් මරුන .

    • Sajith says:

      oya 3% da ?

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      UNP-JVP ගොන්නුන්ට ඔහොම ආතල් එකක් තමයි දැන් ගන්න ඉතිරිවෙලා තියෙන්නෙ

    • cobra says:

      පසුගිය යහපාලනේ හොරු රැල තාම පාර්ලිමේන්තුවේ සිටීමේ සාපය

Main News