නුවර පාර විවෘත කිරීම නිර්දේශ මත…

November 16, 2021 at 8:02 am | lanka C news
නුවර පාර විවෘත කිරීම නිර්දේශ මත…

පවතින අයහපත් කාලගුණ තත්වය නිසා නාය යාමේ ආපදා තත්වයක් මතු වි ඇති කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාව ප‍්‍රදේශයෙන් තවදුරටත් වසා තැබිමට පියවර ගත් බව කෑගල්ල දිස්ත‍්‍රීක් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා 15 එම ස්ථානය නිරික්ෂණ චාරිකාවට එක් වෙමින් පසුව මාධ්‍ය වෙත පැවසීය.

එහිදි වැඩිදුරටත් ඒ මහතා පැවසුයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මා මාර්ග සංවර්ධන අධීකාරිය ඒකාබද්ධව මේ වන විටත් පවතින අපදා තත්වය විසදුම් ලබා දිම කටයුතු කරමින් සිටින නිසා එම ආයතන මගින් ලබා දෙන නිර්දේශ මත මාර්ගය විවෘත කිරිමට ඉදිරියේදි කටයුතු කරන බවයි. මෙම නිරික්ෂණ අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව මහතාද සහභාගිවි විය.

මෙම මාර්ගය වසා දැමිම සිදු කරන ලද්දේ පසුගිය 10 වැනිදා සිටය. මේ වන විටත් එම ස්ථානයේ පොළව තුළ රැුඳි ඇති ජලය ඉවත් කිරීමේ කටයුතු සිදු කරන අතර භූ විද්‍යා තාක්ෂණික ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ නවරත්න බණ්ඩාර මහතා පවසන්නේ තිරස් යෙදුම් ක‍්‍රමයෙන් මිටර් 20, 30, 40 ගැඹුරට විද ජලය ඉවත් කර බෑවුම දිර්ඝ කාලීන ස්ථාවර කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එම නිසා මේ වන විට බස්රථ ගමනාගමනයේදි විකල්ප මාර්ග කිහිපයකින් මහනුවර දක්වා ගමන් කරයි.

අඹේපුස්ස කුරුනෑගල හරහා ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවර දක්වා එක් ගමන් මාර්ගයක්ද කෑගල්ල සිට පොල්ගහවෙල හරහා කුරුනෑගල හරහා ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර දක්වා ගමන් කරයි. මාවනැල්ල සිට රඹුක්කන හතරලියද්ද ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර දක්වා ගමන් කරන අතර මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල මහනුවර දක්වා ගමන් කර හැක. එමෙන්ම මහනුවර සිට කොළඹ ගමන් කරන වාහාන කටුගස්තොට ගලගෙදර සිට රඹුක්කන කුරුනෑගලට පැමිණ කොළඹ දක්වා ගමන් කරන අතර එහි ඇති තවත් ගමන් මාර්ගයක් වන්නේ කටුගස්තොට ගලගෙදර රඹුක්කන පැමිණ කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයට කරඩුපනින් එක් විය හැකි විමයි.

කෙසේ වෙතත් මේ වන විට මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල දක්වා ඇති මාර්ගයේ වාහාන ගමනාගමනය විශාල වශයෙන් සිදු වන අතර එහි දෛනිකව ගමන් කරන බස් රථ ප‍්‍රමාණයද ඉහළ අගයකි. නුවරඑළිය, නාවලපිටිය, ගිනිගත්හේන, ගම්පොල වැනි නගරවලට මෙම මාර්ගය දුර අඩු සහ ඉතා කෙටි මාර්ගයක් වන අතර හෙම්මාතගම සිට අම්බුළුවාව හරහා ගම්පොලට යා යුතුව ඇත්තේ වංගු සහිත බැවුම් කදුකර මං තීරු දෙකකට ඉදි කර මෑතක සංවර්ධනය කර මාර්ගයේය.

අද වන විට මෙහි ඇති අවදානම් සහගත තත්වය සඳහා බලපා ඇත්තේද වසර ගණනාවක් තිස්සේ එම ප‍්‍රදේශයේ සිදු කර ඇති මිනිස් ක‍්‍රියාකාරකම් රැුසකි. වියළි දේශගුණයක් පවතින විට සෑම වසරකම කඩුගන්නාව ඉහළ දුම්රිය මාර්ගය සහ ඒ අවට ප‍්‍රදේශය ගිනි තැබිම් සිදු වෙන අතර ඒ මගින් පස බුරුල් විම වැසි කාලයේ ජල කාන්දුව වැඩි විම විශාල ගල් ප‍්‍රසාරණය විම සිදු වුයේ කාලයක සිටයි. එමෙන්ම වාහාන සේදිම යනආදිය සඳහා කදු මුදුනේ ජල ටැංකි බැද තැබිමත් කාලයක සිට එහි සිදු විය මේ ඒ අවට අක‍්‍රමවත් සංවර්ධන කටයුතු ද මෙම නාය යෑම් තත්වයන් වැඩි විමට ඉවහල් විය.

විශාල බර වාහාන නිරන්තරයෙන් මෙම මාර්ගයේ ගමන් කිරිම දෛනිකව වැඩි විය. අවට පරිසරය නිරන්තරයෙන් දුෂණයට ලක් විම හා අක‍්‍රවත් අපද්‍රව්‍ය බැහැර කොට පහල බැවුමට යන ජල මාර්ග අවහිර විම යනආදිය නිරන්තරයෙන් වැඩි විය. ඒ සෑම ප‍්‍රතිඵලයකින්ම අවසානයේ එම පරිසරය විසින්ම අද වන විට මිනිසාට පාඩම් කියා දි ඇත.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

18,348 views

2 Comments to “නුවර පාර විවෘත කිරීම නිර්දේශ මත…”

  1. දැක්කොත් බුවා නොදක්කොත් එබුවා says:

    මේ කඩුගන්නාව පාර වහපු එක මධ්‍යම අධිවේගය ඉදිකිරීම් එක්ක සම්බන්දයක් නැද්ද තියනවා ද කියන එක ප්‍රශ්නයක්. නනන්තාර් වෙලා හතර ගාතේ වැටිලා ඉන්න ආණ්ඩුවට ගාසා ගෙන කන්න තියන එකම ක්‍රමය තමයි ප්‍රොජෙක්ට්. එක්කෝ ගොඩකරන ඒවා, නැත්නම් ඉදිකරන ඒවා. දැන් දෙකම කරගන්න තඹ සතයක් නැහැ. ආණ්ඩුව ගෙන්න කඩේ ගියපු හෙන්චයිල්ල තගදානවා වැඩ ලබෙනුනේ නෙත්නම් ඊළඟ පාර අනික් පැත්තට කියල. ඒ අස්සේ දැක්කොත් සිල් නොදක්කොත් බැරි සිල් කල්පනා කරනවා ලැබිච්ච අන්තිම චාන්ස් එකෙන් කොහොමද රට පනින්න කලින් ගොඩ යන්නේ කියල. මොකෝ ඉතින් මි කඩන්නේ අත ලෙවකන්න නෙමේ නේ. අපි නොදන්න නිල්වලා ප්‍රොජෙක්ට් නේ.. මේ වගේම තමා යහපාලන නඩයේ දැන් සිල් අරන් ඉන්න කට්ටිය ත් මේකන් ගසාගෙන කෑවේ. දැක්කොත් බුවා නොදක්කොත් එබුවා තමයි කවුරුත්. දැන් ඉතින් තියන එකම විකල්පේ තමයි රටේ ඉන්න ඔක්කොම එක්ස්පර්ට් ල ගෙනල්ල මේ පාර අවධානම්, මේක අරින්න බැහැ, ඇරියත් යන්න බැහැ ඒකනිසා මධ්‍යම අධිවේගය කොහොම හරි හදන්න ඕන කියල මිනිස්සුන්ගේ ඔලුවට දාන එක, එතකොට කන්න නැතත්, ගැස්, තෙල්, හාල් නැතත් මිනිස්සු සද්ද වහලා වෙන දෙයක් බලන් ඉන්නවා. හරි ලෙසයි පහසුයි.

  2. කැතයි ලැජ්ජයි හිරිකිතයි ! says: