කඩුවකින් කපා ඝාතනයක් කල අයෙකු පොලීසියට භාර වෙයි
November 2, 2018 at 2:09 am | lanka C news
යාපනයේ වඩමරච්චි කුඩත්තනෙයි ප්රදේශයේදී එක් පුද්ගලයෙකුව කඩුවකින් කපා මරණයට පත් කොට තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ සැකකරුවෙකු පේදුරුතුඩුව පොලීසිය වෙත බාර වී තිබේ.
පවුල් දෙකක් අතර පැවති ආරවුලක් හේතුවෙන් පසුගිය ඔක්තොම්බර් 28 දා රාත්රියේ යාපනයේ වඩමරච්චි කුඩත්තනෙයි පළාතේ නිවසකට පැමිණි අදාල සැකකරු නිවෙස් හිමියා මරා දමා ඔහුගේ බිරිදට හා තවත් කාන්තාවකට මරණීය තුවාල සිදුකොට පලාගොස් තිබුණි.
මේ සිද්ධියේදී මියගොස් තිබුණේ සී.වඩිවේල් නැමති පණස් හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ බිරිද වන චිත්රා වඩිවේල් සමග තවත් එම පවුලේම ටී.නිර්මලාදේවී(54) යන අය තුවාල ලබා තිබුණි.
පවුලේ උදවිය කඩුවෙන් කැපීමට සැකකරු නිවසට පැමිණි අවස්ථාවේදී මියගිය වඩිවේල් ගේ දියණියද නිවසේ නිදාගෙන සිටියත් ඇය මෙම කලබලයත් සමගම දොරවසා ගැනීම නිසා ඇය මෙම කඩු ප්රහාරයෙන් බේරී තිබුණි.
ඒ අවස්ථාවේ නිවසේ සිටි අනෙක් දෙදෙනාම කඩු ප්රහාරයට ලක්ව තුවාල ලබා ඇත.
පොලීසිය වෙත බාර වූ සැකකරුගෙන් ප්රශ්න කොට අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලීසිය විසින් පියවර ගෙන තිබේ.
– වන්නි රොමේෂ් මධුෂංඛ