කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..

May 13, 2019 at 6:23 am | lanka C news
කඩුවෙල සමුපකාර ඡන්දයෙන් ආසන 100න් 100ම පොහොට්ටුව දිනා ගනී.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙ කිසිවෙකු නෑ..

කොළඹ දිස්ත්‍රික්යේ කඩුවෙල ආසනයේ පිහිටි සි/ස කඩුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂක මණ්ඩලයට පත්කිරිමට අවශ්‍ය සභිකයන් තේරිම සඳහා නාමයෝජනා භාර ගැනිම පසුගිය සතියේදී පැවත්විය.

එහි ප්‍රාදේශික මට්ටමින් පත්වන සභිකයින් 100 දෙනා වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදුන් අතර ඉන් 88 දෙනෙකුම නිතරගයෙන් පත්වීමේ විශේෂ අවස්ථාවක් වාර්තා වි ඇත.

ඉතිරි 12 දෙනා තොරාහැනිම සඳහා සෙනසුරාදා ඡන්දයක් පැවත් වූ අතර ඒ සඳහා ඉදිපත් වූ එක්සත් ජාතික පක්ෂය අතර එම 12 දෙනාම පරදවා පොහොට්ටුව අති විශිෂ්ට ජයග්‍රහණයක් සමුපකාර ඡන්දයෙන් ලබාගත්හ.

මේ අනුව කඩුවෙල සමුපකාර සමිතියේ මහා සභාවට තේරි පත් වු සභිකයින් 100 න් 100 දෙනාම පොහොට්ටුවෙන් පත්වීම අති විශේෂශිත වූ අවස්ථාවකි.

268 views
Main News