කඩු අසුවුනොත් දඩය රුපියල් 50යි…- ඇමති හර්ෂ

May 11, 2019 at 12:02 am | lanka C news
කඩු අසුවුනොත් දඩය රුපියල් 50යි…- ඇමති හර්ෂ

මෙරට ගෙවල්වල කඩු ඇති බවට අමීන් නම් පුද්ගලයෙකු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ඇමති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

තමන් දන්නා තරමින් ලංකාවේ සාමාන්‍ය ගෙවල්වල කඩු නැති බවත් අරාබියෙ එවන් කඩු ඇති බවක් අසා තිබෙන බවත් ඔහු සදහන් කලේය.

ලංකාවේ නීතිය අනුව කඩු තියාගෙන හසුවුවහොත් දඩ මුදල පළමු වර රුපියල් 50ක් සහ දෙවෙනි වරට රුපියල් සීයක් බව ද ඇමැතිවරයා කීය.

මෙම නීති සංශෝධනය කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.

ඔහු පාර්ලිමේන්තුව අමතමින් මේ බව කියා සිටියේය.

107 views
Main News