කඩු කල්ලියක් කඩු දමා පැන දුවයි…
September 20, 2021 at 2:20 am | lanka C news
යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් උඩුවිල් ප්රදේශයේදී යුදහමුදාව විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී තියුනු කඩු 03 ක් දමාගොස් තිබියදී සොයාගත් බවට පොලීසිය පවසයි.
උඩුවිල් නැගෙනහිර ප්රදේශයේ ආයුධ කල්ලියක් විසින් කිසියම් අපරාධයකට සූදානම් වන බවට යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී තියුණු කඩු 03 ක් සොයාගැනීමට හැකිවී ඇත.
අදාල ස්ථානයේ කිසියම් පිරිසක් සිට ඇති බවට අනාවරනය වී ඇති අතර යුද හමුදාව එනු දැක එම පිරිස් කඩු දමා පලා ගොස් ඇති බවටත් අදාල පිරිස් සොයා පරික්ෂණයක් අරඹ ඇති බවටද චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දැන් අර ටොයි අපුල්ලන්නො සෙට් එක මේකටත් ගෝඨට බනින්න මොකක් හරි අල්ල ගනී. උන් හිතාගෙන ඉන්නේ උන්ට බලයට එන්න බැරි රාජපක්ශල නිසා කියලා. 😂😂😂😂
රාජපක්ෂලාගේ කුජීත කුනු හෝදන්න ලියන්න පත් කරපු එවුන්ට ගෙවන්නෙත් අපේම බදු සල්ලිවලින් නේද. මොක වුනත් මේ පාලකයන් ලංකාව කඩු පොලු භාවිත කරන යුගයට නැවත අරගෙන ගියා. ඊට වැඩිය දෙයකට ආයෝජනය කරන්න අපරාධ කල්ලි වලටත් බෑ වගේ. රටම බංකොළොත්. අවලස්සන ඇමරිකානුවෝ.