කඩු කල්ලියකින් පුද්ගලයෙකු කපාකොටා පලා යයි..

August 21, 2020 at 5:30 pm | lanka C news
කඩු කල්ලියකින් පුද්ගලයෙකු කපාකොටා පලා යයි..

යාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් විසින් ඊයේ (20) සවස පුද්ගයෙකුට පහරදී පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයකෙුට තවත් යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර එම පහරදීම් වලින් තුවාල ලැබූ අයෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

අදාල පහරදීමෙන් තුවාලලබා ඇත්තේ කොලොම්බුතුරෙයි නෙදුන්කුලම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කේ.සිවනේශ්වරන් නැමති තරුණයෙකි.

අදාල පහරදීම සිදු කල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවට සැක පල කරන බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,390 views

3 Comments to “කඩු කල්ලියකින් පුද්ගලයෙකු කපාකොටා පලා යයි..”

  1. LION says:

    ගෙයින් ගෙට පරික්ෂා කල යුතුය

  2. කිසිම ප්‍රෂනයක් නැත සුපර් වැඩක් කොන්ඩුවත් කපපල්ලා මුලිම්????????

  3. Boo says:

    චන්දෙ ගැනීමට ගෝටා කල වැඩක් වෙන්න ඇති නේ? වරෙල්ලා හාමුගෙ වහල්ලුනේ සපෝට් එකක් දීපල්ලා අපේ සිපයි ලොජික් වලට.

Main News