කඩු කල්ලි කඩු දමා පලා යයි.. 08 දෙනෙකු කැපූ බවට සැක…

July 5, 2021 at 6:22 am | lanka C news
කඩු කල්ලි කඩු දමා පලා යයි..  08 දෙනෙකු කැපූ බවට සැක…

යාපනය චුන්නාකම් පොලිස් වසමේ තාවඩි තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල දමා ගොස් තිබූ තියුනු කඩු 04 ක් සොයාගත් බවට චුන්නාකම් පොලීසිය පවසයි.

තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල පොහොර බෑගයක ඔතා දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ බව පොලීසියට දැනුම්දීමෙන් පසුව පොලීසිය විසින් අදාල කඩු රැගෙන යාමට කටයුතු කරන ලදි.

අදාල කඩු පසුගියදා කොණ්ඩාවිල් සෙල්වපුරම්හි ස්ටුඩියෝවක සිටි 08 දෙනෙකුට කැපුම් තුවාල සිදු කරමින් පහරදුන් කඩු බවට සැකපල වී ඇති අතර එම සොයාගත් කඩුවල ඒ වන විටත් ලේ පැල්ලම්ද තිබූ බවට පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පොලිස් හො පොලිස් විශේෂ කර්ය බලකා කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විට අදාල අයුධ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් අදාල කල්ලි විසින් මෙලෙස කඩු සඟවා සැඟව සිටීමට උත්සහ දරන බවටද පොලීසිය වැඩි  දුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,608 views

4 Comments to “කඩු කල්ලි කඩු දමා පලා යයි.. 08 දෙනෙකු කැපූ බවට සැක…”

  1. MD says:

    ජනපතිතුමනි මෙහෙම වෙන්නේ කොහොමද.ඉතාමත් ප්‍රමාදයි.මේවනවිට ඔවුන් බෝට්ටු මාර්ගයෙන් තමිල්නාඩුවට ගිහිල්ලත් ඇති.පොලිසියට බැරිනම් හමුදාවට පුලුවන් වෙන්න ඕන.ඔහොම ගියොත් ආරක්ෂාව ගැන සැකයක් ඵනවනේ.මේවගේ දෙයක් කරල ඔහොම හැංගිලා ඉන්නවා කියන්නේ මීට වඩා බරපතල දේවල් කරල ඵයාල සැලසුම් සකස් කරයි.ඔය පුහුණුවීම් පමණයි.

    • Prasad says:

      උබ හිතන් ඉන්නේ ඒ උත්තමයා උබේ කොමෙන්ට් ඒක බලනවා කියලද ?
      අනේ පවුබං උබ, මට මාර දුකයි උබ ගැන අැඩෙනවා බං

  2. අපතයා says:

    අපි චන්දය දුන්නේ මේවා දකින්නද? නොදකින් මෙහෙමත් කාලකණ්ණි රටක්.

  3. sudelmi says:

    If Gotabaya have been in prcidency this will never happen , he is the man who finish the war alone

Main News