කඩු කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

August 13, 2020 at 2:02 am | lanka C news
කඩු කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

යාපනය අරාලි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද හදීසි සෝදිසි මෙහෙයුමකදී තියුණු ආයුධයක් සහ ගිනිඅවියකට සමාන වූ උපකරණයක් සමගින් පුද්ගලයින් දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.

අරාලි ප්‍රදේශයේ කිසියම් කල්ලියක් සැරිසරනා බවට යුද හමුදා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව සිදු කරන ලද සොදිසියකදී සැකසහිතව සැරිසැරූ තරුණයින් 08 දෙනෙකු පමණ යුද හමුදා භාරයට ගෙන පොලීසියට භාර දී ඇති අතර පසුව ඔවුන්ගෙන ප්‍රශ්න කිරීම් සිදු කොට දෙදෙනෙකු හැර අනෙක් පිරිස් මුදා හැර ඇත.

අනතුරුව තරුණයින් දෙදෙනෙකුගෙන ප්‍රශ්න කිරීමේදී එක් අයෙකු සඟවා තිබූ කඩුවක් සහ තවත් අයෙකු සඟවා සිටි තුවක්කුවක් හැඩයට සාදන ලද උපකරණයක් තිබී ඇති අතර අදාල උපකරණ කිසියම් ප්‍රචණ්ඩක්ක්‍රිායවක් සඳහා යොදා ගැනීමට සූදානම් වූවේදැයි සැක සහිත බැවින් වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා අදාල තරුණයින් පොලිස් භාරයේ තබා ගත් බවට වඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,202 views