කඩු කිනිසි පෙන්වන්න එපා කීවේ මහජනතාව බයවෙන නිසා.. ප‍්‍රවෘත්ති වාරණ දමා නෑ..- රජය

May 12, 2019 at 8:02 am | lanka C news
කඩු කිනිසි පෙන්වන්න එපා කීවේ මහජනතාව බයවෙන නිසා.. ප‍්‍රවෘත්ති වාරණ දමා නෑ..- රජය

ප‍්‍රවෘත්ති සදහා කිසිම වාරණයක් රජය විසින් පනවා නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ බව සදහන් කරමින් ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

10,559 Viewers

5 Comments to “කඩු කිනිසි පෙන්වන්න එපා කීවේ මහජනතාව බයවෙන නිසා.. ප‍්‍රවෘත්ති වාරණ දමා නෑ..- රජය”

  1. Siri says:

    Army uniform walata Jaffna babyla bayaunawage da…..ane Pala Pala…

  2. ප්‍රඥාවන්ත නායකයින් says:

    කඩු කිණිසි අල්ල අල්ල ඉන්ඩ ඕන වෙන්නෙ නෑ බටහිර ගැති හෝ වෙනත් අන්තයන්ට නොයන ප්‍රඥාවන්ත නායකයින් රටේ හිටියනම්. ප්‍රශ්නය ඇතිවෙන්නට පෙරම රට ආරක්ෂා කරගන්නට තිබුණා ත්‍රස්තයින්ගේවත් ජීවිත හානි නොවී.

  3. Gone gota says:

    Api baya kdu walata nowai, thopila 225 ta ha loku gone molata.

  4. Ariyathilaka says:

    “කඩු කිනිසි පෙන්වන්න එපා කීවේ මහජනතාව බයවෙන නිසා.. ප‍්‍රවෘත්ති වාරණ දමා නෑ” රජයේ මෙම ප්‍රකාශය සත්‍යයක් ද? ඇත්තෙන්ම එය එසේ නම් කාටවත් කිසිත් කිව නොහැක. නමුත් එය එසේයැයි අපට පිළිගත හැකිද? වසර තිහක පමණ කාලයක් දරුණු ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දුන් මේ රටේ ජනතාව කඩු කිනිසි දැක්ක පමණින් බිය වීමට තරම් බොළඳ වූ ජනතාවක් යැයි හඟින්නේද? LTTE ය යුද සමයේ දරුණු ගනයේ අවි ආයුධ, බෝම්බ, පුපුරන ද්‍රව්‍ය,බර අවි උණ්ඩ, පතොරම් කොතෙක් නම් මාධ්‍ය තුලින් ජනතාවට පෙන්වා ඇත්ද? එපමණක්ද? බෝම්බ පිපිරීම් හා තුවාල කරුවන්, හා ඒ තුලින් දිවි අහිමි වූවන්ගේ මෘත ශරීර මාධ්‍ය තුලින් දැක ගත් ජනතාව ඉමහත් කම්පාවට හා සංවේගයට පත් වුවද ඔලුව විකාර වී කම්පනයෙන් උමතු නොවූ බවද කිව යුතුය. භීතියෙන් බලා ගත් අත බලා සිටියේ නැත.එසේ නම් මෙවැනි ඕනෑ කමක් කාගේ උවමනවටද? එළඹෙන ජනාධිපතිවරණයට මුස්ලිම් ඡන්ද ලැබීමට නම් ඔවුන්ගේ මන දොළ සපුරාලීම කළ යුතුය. ඒ සදහා මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සිතැගි සපුරාලීම අවශ්‍යය ය. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය පිළිබඳ කලු පැල්ලම සුදු කිරීමට වෙර දරන මුස්ලිම් දේශපාලන නයකයන්ගේ මන දොළ සපුරාලීම නොකොට ජනාධිපතිවරණ සිහිනය සැබෑ නොවන බව දන්නෝ දනිති. ජනතාවට දැනට හිමි වී ඇත්තේ එය නම් රටේ අනාගතය වෙනුවෙන් රටේ සබුද්ධික ජනතාවගේ බුද්ධිය තවත් තියුණු කර ගත යුතු බව අවධාරණය කරමු.

  5. LION says:

    කඩු කිනිසි පෙන්වන්න එපා කීවේ මුස්ලිම් ජනතාවගේ චන්ද අහිමි වෙන නිසාලු ලැජ්ජයි

Main News