කඩු තෝමර රැගෙන පිරිසක් යාපනයේ නිවසකට පනී.. ආවා කල්ලිය යයි සැක.. අත්අඩංගුවට..

March 8, 2019 at 8:02 am | lanka C news
කඩු තෝමර රැගෙන පිරිසක් යාපනයේ නිවසකට පනී.. ආවා කල්ලිය යයි සැක.. අත්අඩංගුවට..

යාපනය, චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ සහිතව පැමිණි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

අදාල සැකකරුවන් තිදෙනා තියුණු ආයුධ සහිතව මද්දුවිල් ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙතට එහි නිවසියන්ට පහර දීමට පැමිණ ඇති අතර ඒ බව අසල්වාසීන් විසින් චාවකච්චේරි පොලීසිය දැනුම් දීමෙන් පසුව පොලිස් නිලදාරීන් විසින් සිදු කරන ලද සෝදිසි වැටලීමකිදී අදාල පිරිස තියුණු ආයුධ වූ විවිධ හැඩයන්ගෙන් යුත් කඩු 03ක් හා මුහුණු ආවරණ 3ක් සමගම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතැතිව තියුණු ආයුධ තිබීම හේතුවෙන් අදාල පිරිස් ආවා කල්ලි සාමාජිකයින් බවට ප්‍රදේශවාසීණ් සැක පල කර සිටින අතර එම පිරිස් වෙනුවෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කරන ලෙසටද ප්‍රදේශවාසීණ් විසින් ඉල්ලා සිටිති.

අත්අඩංගුවට ගත් පිරිස චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවද පරික්සණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,311 Viewers
Main News