කඩු හා පල්ලි පෙන්වීම බලු වැඩක්.. ඇහුවාම කියන්න අපට උත්තර නැතිවෙනවා.. ලංකාවට කඩු කන්ටේනර 10ක් ගෙනැත් තියෙනවා..- මරික්කාර්

May 10, 2019 at 10:32 pm | lanka C news
කඩු හා පල්ලි පෙන්වීම බලු වැඩක්.. ඇහුවාම කියන්න අපට උත්තර නැතිවෙනවා.. ලංකාවට කඩු කන්ටේනර 10ක් ගෙනැත් තියෙනවා..- මරික්කාර්

පල්ලි වලින් කඩ හසුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසද්දී උත්තර දීගන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

2010 සිට මේ දක්වා චීනයෙන් කඩු කන්ටේනර දහයක් ගෙන්වා ඇති බවද ඔහු සඳහන් කළේය.

උක් වගා කරන ගොවීන්ගෙන් මෙවන් කඩු බොහෝ සොයාගත හැකි බවද ලංකාවේම සියලු නිවාස පරික්ෂා කළහොත් තවත් බොහෝ කඩු හමු වනු ඇති බවද ඔහු පැවසීය.

මෙවන් කඩු තියාගැනීම ගැක නීතියක් ගෙන ආ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

කඩු හා පල්ලිය පෙන්වීම මගින් සිදුකරන්නේ වෙනම ගේමක් යයි කී ඔහු මේ බලු වැඩේ කරන්න එපා යැයි මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවද පැවසීය.

285 views
Main News