කණුවක් හිසට වැටී සිසුවෙක් මිය යයි.. ඥාති හිතවතුන් විදුහල්පති සිර කර විරෝධතා..

January 10, 2019 at 12:40 pm | lanka C news
කණුවක් හිසට වැටී සිසුවෙක් මිය යයි.. ඥාති හිතවතුන් විදුහල්පති සිර කර විරෝධතා..

අනුරාධපුර පලාගල බුදුගෙහින්න විදුහලේ තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසට වැටීමෙන් එම පාසලේ සිසුවෙක් මිය ගොස් ඇත.

මෙසේ මියගොස් තිබෙන්නේ එම විදුහලේ එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන ක්‍රිෂාන් කරුණාතිලක නම් සිසුවෙකි.

මෙම මරණය හේතුවෙන් කෝපයට පත් සිසුවාගේ ඥාති හිතවතුන් පාසලේ විදුහල්පතිගේ නිල කාමරය වටා විරෝධතාවයේ යෙදී සිටින බව වාර්ථා වෙයි.

ඊයේ දිනයේ සිදුවූ මෙම අනතුර නිසා සිසුවා රෝහලට ගෙන එන විටත් මිය ගොස් සිටි බව රෝහල සඳහන් කරයි.

සිදුවීම ගැන පොලිස් පරීක්‍ෂණ සිදු කෙරෙයි.

13,327 Viewers

4 Comments to “කණුවක් හිසට වැටී සිසුවෙක් මිය යයි.. ඥාති හිතවතුන් විදුහල්පති සිර කර විරෝධතා..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

    • Lolu says:

      මොන සැපක්ද ඕයි කණුවක් ඔලුවට වැටුනට පස්සෙ

      • Alapaluwa says:

        සැප කෙසේවෙතත් මොන මෝඩ ක්‍රියාවාක්ද විදුහල්පතිව සිරකරගන්න.ඇයි විදුහල් පතිද කණුව ගලවලා සිසුවාගේ ඔලුවට ගැසුවේ? මෙන්න මේවගේ මෝඩයෝ තමයි අද ලංකාවේ ඉන්නේ.දුකයි!

      • kosala says:

        Gonek wage kiyawanne nathiwa Niwan suwa kiyana eke thruma danagena hitahan

Main News