කණ අඩි පැලෙන හෝන් රටපුරා අල්ලයි..

April 7, 2019 at 4:40 pm | lanka C news
කණ අඩි පැලෙන හෝන් රටපුරා අල්ලයි..

අධික ශබ්ද සහිත වාහන නලාවලට එරෙහිව දැඩි නීති පැනවීමට රජය පියවර ගෙන තිබේ.

මෙම නලා සහිත වාහන වැටලීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව ඩෙසිබල් 105ට වැඩියෙන් ශබ්ද සහිත නළා සහිත වාහන සදහා නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි සියලූ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ඊට සහභාගී වූ සියළු බස් සංගම් ඒ සදහා එකගතාවය පල කර තිබේ.

106 views
Main News