කණ පැලෙන්න ගැසූ ASP දළුවත්තට ඉඩම් ප‍්‍රශ්ණයකට මාතලේ අධිකරණයේ නඩු දමයි…

October 16, 2017 at 6:48 pm | lanka C news
කණ පැලෙන්න ගැසූ ASP දළුවත්තට ඉඩම් ප‍්‍රශ්ණයකට මාතලේ අධිකරණයේ නඩු දමයි…

මාතලේ පලාපත්වල කිරුලගම ගම්මානයේ වැසිදිය ගලාබසින දිය අගලක් අක්‍රමිකවත් ලෙස අවහිර කිරීමේ චෝදනාවක් පදනම් කොටගන සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට එරෙහිව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට මාතලේ ප්‍රාදේශීය සභාව උපදෙස් ලබා දී ඇතැයි එහි ලේකම් ටී.බී හීන්කෙන්ද මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මාතලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී කමිටු සභාපති කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා , කිරුලගම ආදර්ශ ගම්මාන ප්‍රතිසන්ස්කරන කටයුතු පිලිබද ප්‍රගතිය විමසු අවස්ථාවේ ඊට පිළිතුරු ලෙසිනි.

දැනට මාතර කොට්ඨාශයට අනුයුක්ත්තව සේවය කරනු ලබන තුෂාර දළුවත්ත මහතාට අයත් කිරුලගම පිහිටි ඉඩමක වූ වැසිදිය ගලාබසින දිය අගලක් හරස්වන ලෙස ඉදිකළ වැට ඉදිකිරීමක් හේතුවෙන් මීට පෙර මාතලේ ප්‍රාදේශීය සභාව විසින් නඩුවක් ගොනු කට ඇත.එය විභාග වූ අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ තාක්‍ෂණික උපදෙස් මත එම ඉදිකිරීම ප්‍රතිසන්ස්කරනය කරන බවට වූ එකගතාවයක් මත එම නඩුව සමතයකට පත්කොට ඇත.නමුත් මේ වන තෙක් දළුවත්ත මහතා එම ප්‍රතිසන්ස්කරන කටයුතු සිදු කිරීමට අපොහොසත් වී ඇතයිද ,එම හේතුවෙන් නැවත අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම සදහා ප්‍රාදේශීය සභාවේ නිළලත් නීති නිලධාරී නීතීඥ ලසන්ත බාලසුරිය මහතාට ලිපිගොනුව භාර ඇතයි ද,සභා ලේකම් ටී.බී.හීන්කෙන්ද මහතා කමිටු රැස්වීම ඉදිරියේ ප්‍රකාශ කළේය.

“2009 සිට වසර නමයක්ම මගේ රාජකාරී කටයුතු සඳහා සිටියේ මන්නාරම,අවිස්සාවේල්ල හා තංගල්ල වැනි ප්‍රදේශ වල.මගේ බිරිඳ මෙම ඉඩමෙහි සංවර්ධන හා නඩත්තු කටයුතු නිසි ලෙස කරගන යනවා.අපි අධිකරණ නියෝග කඩකරලා නැහැ.තාප්පයක් බැදලා කිසිදු ජල පහරකට අවහිරයක් නොවන ලෙස ඉංජිනේරුමය උපදෙස් මත ඉදිකිරීම් කරලා තියෙනවා.” යැයි තුෂාර දළුවත්ත මහතා අප කළ විමසීමකදී පැවසීය.

– ඩිලන්ත හෙට්ටිගේ

25 views

One Comment to “කණ පැලෙන්න ගැසූ ASP දළුවත්තට ඉඩම් ප‍්‍රශ්ණයකට මාතලේ අධිකරණයේ නඩු දමයි…”

  1. අනිල් ..R... says:

    රනිල් වික්‍රමසිංහ මහත්තය, මේ පොලිස් නිලධාරී මහතාට අරලියගහ මන්දිරයට ආරාධනා කොට, ස්තුති නොකිරීම මට පුදුමයක්, මොකද ගිය දෙසැම්බර් මාසේ අර නාවික හමුදාපති හම්බන්තොටදී, කොට කලිසමක් ඇඳගෙන ඇවිත් පහරදුන් වෙලාවේ එහෙම කරා. ඇයි පොලිසියට විතරක් අසාධාරණයක්!

Main News