කතරගම දෙයියන්ගේ බලයත් මහින්ද එදා පවරා ගත්තා..
July 3, 2017 at 2:34 am | lanka C news
පස් වසරකට වතාවක් නව බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට කතරගම දෙවියන්ට තිබූ අයිතියද මහින්ද රාජපක්ෂ මහතා එකල විධායක ජනාධිපති බලය යොදා අහෝසි කර එම දේවාලයද පවුලේ පාලනයට ගත් බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
එදා එවන් කටයුතු කල හිටපු ජනපතිවරයා වත්මන් ආණ්ඩුව පිං කැටේටත් බදු ගහන්න සූදානම් වන්නේ යයි පැවසීමට අයිතියක් නැතැයිද සදහන් කරයි.
ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා සිටින තෙක් බුදුදහමට හෝ වෙහෙර විහාරවලට කිසිම හානියක් සිදු නොවන බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
MUTA DEYANGEHAL KAVILA
මහින්ද කතරගම දෙයියන්ගේ බලය පවරා ගත්තා… අපි තමන්ගේ නියෝඡිතයන් පත් කර ගැනීමට ඡනතාවට තියන අයිතිය පවරා ගත්තා.. ඡනතාව තමන්ගේ සර්වඡන චන්දයෙන් ප්‍රතික්ෂේප කරපු අයව අපි පාර්ලිමේන්තුවට අරං මැති අමැතිකමතු දුන්නා… ඔන්න ඔය ටිකත් කිව්ව නං තමයි මහින්ද කතරගම දෙයියන්ගේ බලය පවරා ගත්තා කියන කතාව ටිකක් හරි සාධාරණ වෙන්නේ..
TOGE AM..GE REDDA
පිංවත් බෞද්ධයිනි, මින් ඉදිරියට පිං කැට වලට පුණ්‍යාධාර දමන්න එපා. එ්වා විහාරාධිපතීන් වහන්සේලා වෙත සෘජුවම ලබාදෙන්න. නැත්නම්, ඒකත් ආණ්ඩුව මංකොල්ල කයි.
තවත් ප්‍රමාද නොවී මේ ආණ්ඩුවට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කලයුතුයි.
බුදු දහම හා අනෙක් ආගම් සම කිරීම එය ආරක්ෂා කිරීමක්ද?
බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති තැන හෑල්ලු කිරීම එය ආරක්ෂා කිරීමක්ද?
පෞරාණික සිද්ධස්ථාන පොලවට සමතලා කිරීම බුදු දහම ආරක්ෂා කිරීමක්ද?
අන්‍යාගමීකරණයට අනුබල දීම බුදු දහම ආරක්ෂා කිරීමක්ද?
මේ සා වූ අපමණ කරුණු කාරනා සිදුවෙමින් පවතිද්දී නුඹ වැන්නන් කට මැත දොඩවන්නේ ගංජා ගහලද???????????