කතරගම දෙවියන්ද ඉබි යතුරු දමා හිර කරයි.. බස්නායක නිලමේ සමග කපුවන් ගැටෙති.. මහ දොර නොඅරී… පොලීසිය කැදවයි..
August 22, 2017 at 8:40 am | lanka C news
අද අලුයම රුහුණු කතරගම මහා දේවාලයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය යොදවා ඇත.
අලුයම් පූජාව සදහා මහ දේවාලය විවෘත නොකිරීම නිසා මෙම තත්වය ඇතිව ඇති අතර ප්රධාන කපුමහතා විසින් දේවාලය විවෘත කිරීමට යද්දී බස්නායක නිළමේවරයා දේවාලයේ යතුර පැහැර ගෙන ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් කතරගම මහ දේවාල බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පවසන්නේ තමන් දේවාලය විවෘත කිරීමට පැමිණියත් කපු මහතුන් ඊට ඉඩ නොදුන් බවයි.
මේ අතර තවත් වාර්තා පලවන්නේ තරගම මහා දේවාලයට අද අලුයම කඩා වැදුනු පරිසක් දේවාලයේ දොරගුළු දමා යතුරුද රැගෙන පලා ගොස් ඇති බවයි.
30 දෙනෙකු පමණ වූ පිරිසක් කඩා පැන දේවාලයේ ඉබි යතුරු පැහැරගෙන ගොස් ඇති අතර මෙය තේවාව කරන කපු මහතුන් අතර වූ ආරවුලක් නිසා සිදුව ඇති බවත් පැවසෙයි.