කතානායකගෙන් තවත් නිවේදනයක්..
December 6, 2018 at 6:27 am | lanka C news
කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්රාහිව කටයුතු කරමින් සිටින බවට (12.05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙනු ලැබීය.
මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරවීම සහ පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා (05) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැදවනු ලැබීය.
පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරනය තුල පූර්ණ ස්වාධිනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රූපවාහිනී ආයතනය, එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා සඳහන් කරන ලදී.
මේ අනූව,කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාල උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම, ගුවින් විදුලි සංස්ථාවේ සජීවී විකාශණය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්රකාශකල ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා හැකි ඉක්මණින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු කරන ලදී.
– කථානායක මාධ්‍ය අංශය
“PISSU KARU MAYA”
Is Karu-Maya targeting a world record by highest number of statements by a speaker?
Whole Nation have witnessed his opportunistic democracy and their party’s KOOTA UPAKKREMA ,when he appointed the Leader of
opposition and chief whip of the opposition.
DISGRACEFUL ,SHAMEFUL ,MEAN ACT of him ,which were very unfair to the majority NATION.
ubalata baley tiyena kota mun kohemada hasirune
පාර්ලිමේන්තු රැස්වීමක් සම්පූර්න වෙන්නෙ ආණ්ඩු පක්ෂයත් ඉන්නකොට විතරයි. මේ ඒක පාර්ෂ්වික පරගැත්තො විතරක් රැස්වීම් තිබ්බට රාජ්‍ය මාධ්‍ය වලින් වාර්ථා කරන්නෙ පිස්සුවටද? මේ කරුමයට පිස්සු උනාට රටේ හැමෝටම පිස්සු නැහැ.