කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..

December 10, 2018 at 10:40 am | lanka C news
කතානායකටත් ඥාණසාර හිමි, රන්ජන් ගිය පාරේ.. අධිකරණයට අපහාස කලේ යයි උරිමාධිකරණයේ නඩු පවරයි..

කතානායක කරු ජයසූරිය මහතාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමත් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරු වන නීතීඥ අරුණ ලක්සිරි කියා සිටින්නේ අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යෝජනා සම්මත කර ගනිමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වසර 06ක සිර දඬුවමකට ලක් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාටද විරුද්දව ඇති නඩුවට නුදුරේදීම තීන්දුවක් දීමට නියමිතය.

117 views