කතානායකට නැති තැන කුණුහරුපෙන් බනී.. ධුරයේ ගෞරවය ඉවරයි.. ඉල්ලා අස්වෙන්න කියයි..

March 14, 2017 at 12:00 pm | lanka C news
කතානායකට නැති තැන කුණුහරුපෙන් බනී.. ධුරයේ ගෞරවය ඉවරයි.. ඉල්ලා අස්වෙන්න කියයි..

කතානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුවේදී ඔළුව නැමුවද පිටත බොහෝ තැන්වලදී කුණුහරුපයෙන් බැණ වදින බවත් ඔහු දැන් කල යුත්තේ තමනට ආදරේ නම් කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීම බවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය අමතමින් මන්ත‍්‍රිවරයා කියා සිටියේ කරු ජයසුරිය මහතා කථානායක ලෙස පත් වූ පසු ඔහුගේ ගෞරවය වේගයෙන් කෙළෙසෙන්න පටන් ගෙන ඇති බවයි.

ගිය පාර්ලිමේන්තුවේ කතානායකයා වූ චමල් රාජපක්ෂ ඉතා ගරු කටයතු ලෙස හැසිරුනු බවත් අද කථානායකවරයා විධායකයේ සුවච කීකරු හුරතලෙන් වී ඇති බවටද ඔහු චෝදනා කලේය.

ක්‍යසුරිය මහතා දැන් කල යුතු එකම දෙය නම් තම ආත්ම ගෞරවය රැුකගෙන වහාම කථානායක ධූරයෙන් ඉවත්වීම බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

24 views
Main News