කතානායකත් අත නාරී.. තවත් මාධ්‍ය නිවේදනයක්..
November 19, 2018 at 6:48 pm | lanka C news
කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ප්රවෘත්ති නිවේදනයයි.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම – 2018-11-19
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (2018-11-19) දහවල් 12.00ට කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. රැස්වීම ආරම්භ කරමින් කරුණු පැහැදිලි කළ කථානායකවරයා පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිලිබඳව තමා අතිශයින් කණගාටුවට පත් වන බවත්, එවන් අශෝභන තත්වයන් යළි ඇති නොවීමට වග බලා ගැනීම සෑම පාර්ශවයකම යුතුකමක් බවත්, අවධාරණය කළේය.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළට හිංසාකාරී අවි රැගෙන ඒම සහ සභා ගර්භය තුළ මිරිස් කුඩු ප්රහාරයන් එල්ල කිරීම, රාජ්‍ය දේපළ හානි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් මෙන්ම කථානායක අසුන අවභාවිතා කරමින් අපහාසාත්මක ආකාරයෙන් හැසිරීම, ගුටිබැට හුවමාරු සිදු කර ගැනීම ආදී සියළු විනය කඩ කිරීම් පිලිබඳව වහාම පරීක්ෂා කර බලා පියවර ගැනීමට දැනටමත් අදාළ අංශ වෙතින් වාර්තාවන් කැඳවා ඇති බව ද හෙතෙම පක්ෂ නායක රැස්වීම අමතමින් සඳහන් කළේය.
අද දින තුළ ද රැස්වීම් වාරය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් ආකාරයක සැලැස්මක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගනු ලැබූ බව ද ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශ භාර අධ්යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද තමා විසින් දැනුවත් කරන ලද බව කථානායකවරයා පක්ෂ නායකයන් වෙත දන්වා සිටියේය.
පසුගිය දිනවල මහජන ගැලරියට සැලසුම් සහගතව විශාල පිරිස් ඇතුල් වූ බවට එල්ල වූ චෝදනා පිලිබඳ තොරතුරු සොයා බැලීමේ දී එවන් තත්ත්වයක් තහවුරු නොවූ බවට සඳහන් කළ කථානායකවරයා පෙන්වා දුන්නේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම පුද්ගලයන් තුනත් පහත් අතර සංඛ්‍යාවක් පාර්ලිමේන්තු ගැලරිය වෙත කැඳවා ගෙන ඒමට අවසර පත් නිකුත් කර තිබූ බවත්, අවශ්‍ය නම් අදාළ විස්තර සභාවට ඉදිරිපත් කළ හැකිව ඇති බවත් ය.
අද දින සාකච්ඡාවේදී මූලික වශයෙන්ම අවධානය යොමු කරන ලද්දේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කර ගැනීම පිලිබඳවය. මෙහිදී පැන නැගිය හැකි තත්ත්වයන් පිලිබඳව පක්ෂ නායක රැස්වීමේ දී පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වූ අතර, ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් තේරීම් කාරක සභාව නියෝජනය කිරීම සඳහා ස්වකීය නියෝජිතයන්ගේ නම් නොපමාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කරන ලදී.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් අද දින භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පක්ෂ නායක රැස්වීමේ දී දැනුම් දෙන ලද අතර, එම යෝජනාව එළඹෙන නොවැම්බර් 29 වන දින විවාදයට ගැනීමට තීරණය කරන ලදී. (මෙහි සඳහන් යෝජනාව නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සන් සහිතව අද ප:ව 2.00ට කථානායකතුමන් වෙත භාර දෙනු ලැබීය. )
අද දින ප:ව 1.30ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වූ අතර, කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් තේරීම් කාරක සභාව සඳහා ඒ ඒ පක්ෂ නියෝජිතයන්ගේ නම් කඩිනමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබා දෙන ලෙස නිවේදනය කළ නියෝජ්‍ය කථානායකවරයා විසින් සභාව 2018 නොවැම්බර් 23 වන සිකුරාදා පෙ:ව 10.00 දක්වා කල් තබන ලදී.
– කථානායක මාධ්‍ය අංශය
ප්‍රකාශයක් කියවා , එහි ඇති පරිදි හරිද වැරදිද කියන්න ,නඩු තීන්දුවක් දෙන්න මෙච්චර කල් ගත්තනම්, මේගොල්ලෝ (ART කරපු අය) software එකක් ලිවුවොත් බැරිවෙලාවක හරි , මේ කපේදී live දායිද බ්‍රෝ..
Ravi, the expert on money laundering wants to stop funds to PM. Bloody crooks!
මේ පිස්සු බල්ලා බැදදාපියව්!
මේ නාකි හිවලා ගේමමයි ඉල්ලන්නේ.මොකද කරන්නේ අපි වයස කියලා පවු කියා සිතුවට මු නම් ඇට්ටරයක්
මේ නාකි හම්පඩ නරුම කැරි/කරු මය අගමැතිකලානම් worst than Pinguththara Ranil
Karu is a Hero. Ranil is zero to hero, Rajapasa Hero to Zero.
meya irisiyawen nne. meyata labaganna thibuna agmathi kama r ta giyata. ekayi me dadi kopaya uhulaganna bari irisiyawa.
Diya heliya rathwennata pera kakuluwa natayi, thawa tika dawasayi !!
කිරි කල් දාහක් දොවලා ගොම බින්දුවක් ගාගත් කක් තා නායක….