කතානායකුමනි පාර්ලිමේන්තුව කැදවා ඉතිහාසගත වෙන්න..- කිරිඇල්ල ඉල්ලයි..

November 4, 2018 at 8:02 am | lanka C news
කතානායකුමනි පාර්ලිමේන්තුව කැදවා ඉතිහාසගත වෙන්න..- කිරිඇල්ල ඉල්ලයි..

‘කථානායකතුමනි ඔබ තුමාට යටත් වෙන්න කිසිම හේතුවක් නෑ.පාර්ලිමේන්තුවේ බහුතරය අද ඔබතුමා ඉදිරියේ පෙන්වලා තියෙනවා, පාර්ලිමේන්තුව වහා කැදවන්න, පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමගයි’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

පසුගිය දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුව නීති විරෝධී ක්‍රියා දෙකක් සිදු කලා.එකක් තමයි පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම, දෙවන වැරැද්ද තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජයවුන පුද්ගලයෙකු  අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත්කර තිබෙන්නේ.මෙම ක්‍රියාවන් දෙක මගින් ජනාධිපතිවරයා ඔහුට ලැබුනු ජන වරමට විරුද්ධව කටයුතු කරලා තියනවා.අපේ රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කල යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය තියෙන පුද්ගලයෙකුයි.

පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර අංක 01 තුල පැවති විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අවස්ථාවේදී කිරිඇල්ල මහතා විසින්මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.

පසුගිය දිනක කථානයක වරයාගෙන් විමසන්නේ නැතුව පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා.අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුව කල් දැමීමට නම් කථානායකවරයාගේන් විමසන්න ඕන. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහ රැජින පවා පාර්ලිමේන්තුව කල් දැමීම සිදු කරන්නේ කථානායක වරයාගෙන් විමසලයි.ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල් දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සභානායකවරයායි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව පාර්ලිමේන්තුව කල්දැමීම මගින් දේශපානල කුමන්ත්‍රන සිදු කිරීමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.ගරු කථානායක තුමනි ඔබතුමාට අද ඉතිහාස ගත වෙන්න අවස්ථාවක් ලැබිලා තියනවා.කථානායක ධූරය ආරම්භවුනේ 1376 බ්‍රිතාන්‍යයේ දී.ඒ කාලේ කථානායක වරයා කියන්නේ රජතුමාගේ වුවමනා ඉෂ්ඨසිද්ධ කල පුද්ගලයායි.නමුත් පසු කාලීනව කථානායක වරයා රජතුමාට යටත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනසකට සම්පුදාය අනුව යටත් වුනා.1394 – 1535 අතර  බ්‍රිතාන්‍ය රජතුමා විසින් ඔහුගේ අන ක්‍රියාත්මක කලේ නෑ කියලා  මහා බ්‍රිතානයේ කථානායකවරු හත් දෙනෙකුගේ ගෙල සිදුවා මරනයට පත්කලා.

නමුත් පසුකාලීනව මේ සියල්ල වෙනස් වුනා.1642 දී පලවෙනි චාර්ල්ස් රජතුමා පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීවරුන් පස්දෙනෙක් අත්අඩංගුවට ගත්තා.එදා බ්‍රිතාන්‍ය කථානායක තුමා පළවෙනි චාර්ල්ස් රජතුමාට කිව්වා “මට දිවක් නෑ ඔබ තුමාට කතා කරන්න,මට පෙනෙන්න ඇස් දෙකක් නෑ.මගේ දිවයි ඇස් දෙකයි ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනසකට යටත්වයි කියලා.”

ගරු කථානායකතුමනි ඔබ තුමාට යටත් වෙන්න කිසිම හේතුවක් නෑ.පාර්ලිමේන්තුවේ බහුතරය ඔබතුමා ඉදිරියේ අද පෙන්වලා තියෙනවා.අද මෙම ස්ථානයේ,එක්සත් ජාතික පක්ෂය හා පෙරමුන,දෙමල ජාතික සංධානය,ජනතා විමුක්ති පෙරමුන,මුස්ලිම් කොංග්‍රසය,රිෂාඩ් මන්ත්‍රී තුමා ඇතුලු කන්ඩායම,මනෝ ගනේෂන් මන්ත්‍රිතුමා ඇතුලු කන්ඩායම,දිගමුබරන් මන්ත්‍රීතුමා ඇතුලු කන්ඩායම,රාධක්‍රිෂ්නන් මන්ත්‍රීතුමා ඇතුලු කන්ඩායම හා ජාතික හෙළ උරුමය ඇතුලත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118 ක් ඔබ තුමා ඉදිරියේ ඉන්නවා.ගරු කථානායකතුමනි ඔබතුමාට ඉතිහාස ගත වෙන්න අද අවස්ථාවක් ලැබිලා තියනාවා.එම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි අප සියලු දෙනා ඉල්ලා සිටිනවා.

– රජිත කොඩිතුවක්කු

34 views

22 Comments to “කතානායකුමනි පාර්ලිමේන්තුව කැදවා ඉතිහාසගත වෙන්න..- කිරිඇල්ල ඉල්ලයි..”

  1. බන්ඩා says:

    ඔය කියන්නෙ තම්බිලා පනින්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව කැදවන්න කියලය්. කරැවා ඒ ව්‍යවස්ථා විරෝධී වැඩේ කොලොත් උසාවි ගෙන ගොස් දඩුවම් කල යුතුය්.

  2. borua says:

    unp eka boho wita waradi walata nayakayan polabawanawa thama wasiyata. my3 wada mese anduwa,46 athi agamatiyawa path karanda, wiyawasthawata erehiwa borutharka dama agawinisuru mohanwa iwath kirima mewa thamayi. kathanayaka unp ugule nowatiya yuthuyi.

  3. ane says:

    baluwama dan janapathita mokuth karanda baha. arugen mugen ahala awasara gandawela ne.

  4. Nihal says:

    Any dog can make such as statement

  5. පාර්ලිමේන්තුව කැදවා ඉතිහාසගත වෙන්න..- ඉක්මනට අපායට යන්න says:

    කතානායකුමනි පාර්ලිමේන්තුව කැදවා ඉතිහාසගත වෙන්න..- ඉක්මනට අපායට යන්න,,,,අරලිගහ මන්දිරයෙ…මගුල් බං… කිරි ඇල්ල ඉල්ලන් කන්න හදනවා…

  6. Nandasoma says:

    කරු කථානායක කොහොමටත් ලංකාවෙ හිටිය පජාතම කථානායක කියල ඉතිහාස ගත වෙලා ඉවරයි…!

  7. පොඩි එකා says:

    මෙයා කියන දේවල් කරන්න ගියොත් ඉතිහාසෙට යන එක කෙසේ වෙතත් කතානයක කුණු කූඩයට නං යනවා.. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙ මෙයානේ… ඒ වගේ ඕන ගොනෙක් කුණු කූඩෙට යවන්නත් මෙයාට පුළුවන්…

  8. පාර්ලිමේන්තුව කැදවා ඉක්මනට සෝවාන්වෙන්න.. says:

    පාර්ලිමේන්තුව කැදවා ඉක්මනට සෝවාන්වෙන්න..

  9. ehenam thamuseygey nonata koraana gaman tiyana poto ekak damalat etihasagata wannna puluwnanda.

Main News