කතානායක අමරවීරගේ මතය විමසීම ව්‍යවස්ථා විරෝධීයි..- උපරිමාධිකරණ ප‍්‍රවීණයාගෙන් කතානායකට බරපතල චෝදනාවක්..

August 3, 2018 at 11:20 am | lanka C news
කතානායක අමරවීරගේ මතය විමසීම ව්‍යවස්ථා විරෝධීයි..- උපරිමාධිකරණ ප‍්‍රවීණයාගෙන් කතානායකට බරපතල චෝදනාවක්..

විපක්‍ස නායකකම පාර්ලිමේන්ත මන්ත‍්‍රීවරුන් 70 දෙනෙකු ඉල්ලා සිටිද්දී කතානායකවරයා විසින් එය පැහැර හැරීම බරපතල ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල දැමීමක් යයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

කතානායකවරයා ස්වාධීන පුද්ගලයෙකු ලෙස පාර්ලිමේන්තුව මධ්‍යයේ උස් ආසනයක් මත අසුන් ගන්වා සිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතර මතය අනුව කටයුතු කිරීමට මිස පක්‍ෂ ලේකම්වරුන්ට ලිපි යවා ඔවුන්ගේ මතය අනුව කටයුතු කිරීමට නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ව්‍යවස්ථානුකූලව කිසියම් කරුණක් සම්බන්දයෙන් කතානායකවරයාට ජනාධිපතිවරයාගේ හා ශ්‍රේෂ්ඨාධිකරනයේ දැනුම් දීම්, නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතත් පක්‍ෂ ලේකම්වරුන්ගේ මත විමසීමට උවමනාවක් හෝ නීතියක් කිසිසේත්ම නොවන බවද ඔහු සදහන් කරයිග

දේශපාලන පක්‍ෂ පක්‍ෂ ලේකම්වරුන් සමගින් ගණුදෙනුවක් ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බවත් කතානායකවරයා ස්වාධීන පුද්ගලයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කල යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මෙතෙක් සිටි කතානායකවරුන් උත්තරීරතර ලෙස රැකගෙන ආ කතානායක අසුනේ ගරුත්වය ස්වාධීන්ත්වය වත්මන් කතානායකවරයා යටතේ බින්දුවටම ඇද වැටී ඇති බවත් ඔහු කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයෙකු ලෙස මිස කතානායකවරයෙකු ලෙස නොවන බවත් සරත් නන්ද සිල්වා මහතා තව දුරටත් කියා සිටී.

23 views