කතානායක අසුනේම කතානායක මියයයි.. සාපයක් වැදිලා යයි කතා..

March 11, 2017 at 11:16 pm | lanka C news
කතානායක අසුනේම කතානායක මියයයි.. සාපයක් වැදිලා යයි කතා..

මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා ලෙස ඉතිහාසයට එක්වන්නේ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාය.සර් ප්‍රැන්සිස් මොලමුරේ යනු ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ යුගයේ මඩුවන්වෙල කළු කුමාරයා නමින් විරුදාවලි ලත් කොළොන්නේ මඩුවන්වෙල දිසාවේගේ දේපොළ හා බූදලයට හිමිකම් කියූ පුද්ගලයාය. ශ්‍රී ලංකාවේ අවසාන අලි ගාලේ උරුමක්කරුවාද විය.

වර්ෂ 1950දී බොහෝ දෙනා අතර මහත් ආන්දෝලනයක් ඇති කළ පනාමුරේ ඇත් රජු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේදී ඍජුවම චෝදනාව එල්ල වූයේද ප්‍රැන්සිස් මොලමුරේටය.

කෙසේ වුවත් වර්ෂ 1952 ජනවාරි 22 වැනි දින පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරේදීම කතානායක ප්‍රැන්සිස් මොලමුරේ මහතා උත්තරීතර කතානායක අසුන මතදීම අවසන් හුස්ම හෙලන්නේ පනාමුරේ ඇතා මරා දැමූ ශාපය නිසායැයි එවක ජනසමාජය තුල පැතිර ගිය තවත් කතාවක්ය.

1948 නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව පත් වූ අවස්ථාවේ සිට අද දක්වා කතානායකවරුන් විසි එක් දෙනෙකු පත්ව ඇති අතර ඉන් 3 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ද 18 දෙනෙකු ආණ්ඩු පක්ෂයෙන්ද පත් ව තිබේ.

වසර හතයි මාස තුනක් පමණ සේවය කළ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා වැඩිම කාලයක් ධූරය දැරු කතානායක වරයා ලෙසද දින විසි හතරක් සේවය කළ ටී.බී සුභසිංහ මහතා අඩුම ධූර කාලයන් වාර්තා කළ කතානාය වරයාද වන අතර ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් නියෝජනය කළ එකම කතානායකවරයා ස්ටැන්ලි තිලකරත්න මහතා ය.

(ඔබේ දැනුම වර්ධනය වෙනුවෙනි)
– සයිමන් අප්පු FB

502 views

2 Comments to “කතානායක අසුනේම කතානායක මියයයි.. සාපයක් වැදිලා යයි කතා..”

  1. abaran goyyaa says:

    2017 ඉතිහාසය නැවත ලියවෙනවා.ගොන් සේකා දවස් ගනිනවා.

    • asaranaya says:

      හීන් බබා සීයට (comekaru) හැකි ඉක්මනින් R.I.P. කියල කෙවුල් පොනියා විශ දූම ජිවන්කරනවලු.

Main News