කතානායක කරුට එරෙහිව පැමිණිලි ගොනු කෙරේ.. දඬුවම වසර 10ක් හිරේ..
November 7, 2018 at 6:35 pm | lanka C news
ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේදී කතානායක කරු ජයසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය.
ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුලත සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු සහිතව පැමිණිල්ල ගොනු කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ කතානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.
විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා පැවසුවේ 1994, 20 අංක දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂග්රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසුරිය මහතා වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිර දඩුවම් ලැබිය හැකි වරදක් බැලූ බැල් මට කර ඇති බවයි.
ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි ප්රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් පැමිණිල්ල ගොනු කරන අවස්ථාවට සහභාගී වූහ.
– nuta
අය්යෝ මේ ගත්තා හිරේ නම් යවන්න එපා…. දාන්න එපා .පැන්සන් එක බේරලා දෙන්න.