කතානායක කරු පාර්ලිමේන්තුව කෙලෙසුවා.. ස්වාධීනව සිටියානම් පුටුවලින්, මිරිස් කුඩුවලින් ගහන්නේ නෑ..

December 26, 2019 at 8:40 am | lanka C news
කතානායක කරු පාර්ලිමේන්තුව කෙලෙසුවා.. ස්වාධීනව සිටියානම් පුටුවලින්, මිරිස් කුඩුවලින් ගහන්නේ නෑ..

රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප ඉල්ලීම එතුමාගේ අයිතියක්. ඒ අයිතිය මේ රටේ ඕනෑම පුරවැසියකුට තියෙන දෙයක්. එතුමා උසාවියට ගියාට අපේ කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද , අපි මේ රටේ පුරවැසියන්ගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආණ්ඩුවක් නෙවෙයි යැයි වරාය, නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නව නියමු යාත්‍රා දෙකක් කොළඹ වරායට එක් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

චම්පික රණවක මැතිතුමා අත්අඩංගුවට ගත්තාම මම දැක්කා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කියනවා කථානායක තුමාගෙන් අවසර ගත්තා නම් වඩාත් හොදයි කියල. එතුමන්ලාගේ රජය බලයේ ඉන්න කාලෙත් එහෙම වුණා නම් හොදයි . ඒ සම්ප්‍රදාය එතුමන්ලා කැඩුවා. මට පොලිසියට එන්න කියල කට උත්තර අරගෙන, පොලිස් නිලධාරීන් දෙන්නෙක් දෙපැත්තේ දාලා, මාංචු දාල මාව ගෙනිච්චෙ. හැබැයි මම දැක්ක චම්පික රණවක හිටපු ඇමතිතුමා බොහොම සුඛෝපභෝගී වාහානයක නැගගෙන , පොලිස් නිලධාරීනුත් ඒ වාහානෙ නැගගෙන තමයි ගියේ. රටේ නීතිය කාටත් එක සමාන විය යුතුයි . එහෙම ක්‍රියාත්මක වුණේ නෑ.

කථානායක තුමා ගැන මම ඇත්ත වශයෙන් ම කණගාටු වෙනව. එතුමා කිව්වා එතුමා නිර්පාක්ෂිකයි කියල. එතුමා නිර්පාක්ෂික නෑ . එතුමා පක්ෂග්‍රාහී යි. එතුමා එක්සත් ජාතික පක්ෂයේ කථානායකවරයා , පාර්ලිමේන්තුවේ කථානායකවරයා නෙවෙයි. මම දැක්කා රිමාන්ඩ් භාරයට පත්වෙලා ඉන්න හිටපු ඇමතිතුමාව බලන්න හිරගෙදරට යනවා. එතුමා අපිව බලන්න ආවේ නෑ . එතැනින් පේනවා එතුමා කොහොමද පක්ෂග්‍රාහීව කටයුතු කළේ කියල. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇතිවුණේ. එදා ජනාධිපතිවරයා ගත්තු නීත්‍යනුකූල තීන්දුවක් උසාවියෙන් හෝ විශ්වාසභංගයෙන් පරදින තුරු හෝ එතුමා නිර්පාක්ෂිකව කටයුතු කෙරුව නම් එදා මිරිස් කුඩුවලින් ගහගන්නෙත් නෑ , පුටුවලින් ගහගන්නෙත් නෑ . මේ රටේ පාර්ලිමේන්තුව , පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසුවා නම් කෙලෙසුවේ මේ කථානායකවරයා යි.

අපි රජයක් හැටියට කිසිසේත් ම දේශපාලන දඩයමේ යන්නෙ නෑ . යම් පුද්ගලයෙක් වැරැද්දක් කරලා තියෙනව නම් ඒ ඇමති කෙනෙක් වෙන්න පුලුවන් , මන්ත්‍රී කෙනෙක් වෙන්න පුලුවන් , සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න පුලුවන් , ඒ ඒ නීති අංශවලින් ඒක ක්‍රියාත්මක කිරීම තමයි වර්තමාන ජනාධිපති තුමාගෙත් බලාපොරොත්තුව. ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙනව ඕනෑම උසාවියක ගිහින් ඔහුගේ නිර්දෝෂි භාවය කියන්න, එහෙමත් නැත්නම් අපේක්ෂිත ඇප ඉල්ලන්න. ඒක ගැන අපි අභියෝගයට ලක් කරන්නෙ නෑ. හැබැයි මේකට තමයි කියන්නෙ දිට්ඨධම්මවේදනීය කර්මය කියල. රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා වගේම ඕනි ම දේශපාලනය කරන කෙනෙක් දැනගන්න ඕනි බලය කියන්නෙ සදාකාලික දෙයක් නොවන බව. බලය එනවා. බලය යනවා. රටේ ජනතාවට ඕනෙ වෙනකොට ජයග්‍රහණය කරනවා.රටේ ජනතාවට එපා වෙනකොට පරද්දනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. පහුගිය රජයෙන් මාව ඉතාමත්ම කෲර ලෙස අත්අඩංගුවට අරන් , අඩුගානේ මගේ ඇදුම් ටික හිරගෙදර ඇතුළට ගන්න දුන්නෙ නෑ . පළවෙනි දවසේ මගේ කෑම ටික ගන්න දුන්නෙ නෑ. මම උදේ ඇදගෙන ගිය ඇදුමෙන් ම තමයි හිරගෙදර ඇතුළට දැම්මෙ. මගේ දරුවා මගේ ඇදුම් ටික ගෙනැත් තිබුණ. ඒ ඇදුම් ටිකවත් ගන්න ඉඩදුන්නෙ නෑ . හිරකරුවෙක් තමයි මට ඇදගන්න සරමක් දුන්නෙ. තුවායක් දුන්නෙ සිරකරුවෙක්. එහෙම තමයි ඔවුන්ගේ ආණ්ඩුව කටයුතු කෙරුවෙ. ඔවුන් ඉතාමත්ම කුරිරු විදියට තමයි ප්‍රතිවිරුද්ධ දේශපාලනය කරන අය දිහා බැලුවෙ. අපි එහෙම වෙන්නෙ නෑ. වර්තමාන ජනාධිපති තුමා ඉතාමත්ම සාධාරණයි. අපේ අගමැති තුමත් එහෙමයි. අපි කිසිසේත් ම අනවශ්‍ය ලෙස කටයුතු කරන්න යන්නෙ නෑ .

චම්පික රණවක මැතිතුමා ත් අපි දන්නවා ඔහු කොහොමද සාක්ෂිකාරයන්ව බිය වැද්දුවෙ, කොහොමද සී.සී.ටී.වී වල තිබුණ දත්ත විනාශ කෙරුවෙ. ඒවගේම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ ඉදන් කටයුතු කෙරුවෙ කොහොමද කියල අපි හොයන්න ඕනි . කොහොමද පොලිස්පති විදියට පූජිත් ජයසුන්දර මහත්මයාගේ නම යෝජනා කරන්නෙ? කොහොමද මේ නඩුවෙදි ඔහුගේ සහයෝගය ගන්නෙ? ඒ නිසා මේක මේ නිකම්ම නිකම් ඇක්සිඩන්ට් එකක් නෙවෙයි. ඒක බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක්. ඒකට හිටපු පොලිස්පති තුමත් වගකියන්න ඕනි කියල මම ඉතාමත්ම පැහැදිලිව කියනවා. රටේ ජනතාව මහා විශාල ජන්ද සංඛ්‍යාවකින් ගෝඨාභය මැතිතුමාව බලයට ගෙනාවා. රටේ ජනතාවට වෙච්ච අසාධාරණවලට ත් රජයක් හැටියට අපි කටයුතු කළ යුතුයි.

– midea unit

130 views

6 Comments to “කතානායක කරු පාර්ලිමේන්තුව කෙලෙසුවා.. ස්වාධීනව සිටියානම් පුටුවලින්, මිරිස් කුඩුවලින් ගහන්නේ නෑ..”

  1. අක්බාර් ලොක්කා says:

    එදා මිරිස්කුඩු ගැහිල්ල ඔහේල හරියට කලා නං මෙලහකට පොර අපවත් වෙලා ගොඩක් කල්

    • නොදකින් කාලකණ්ණි කසිප්පු ජොනියා. අටවත් පාස්නැති මේ වගේ කාලකණ්ණි කොහොමද කරු වගේ කෙනෙක් ගැන අලගු තියන්නෙ?

  2. MD says:

    Hodata matak karala denna mtitumani.ape ayata hari ikmanata amataka wenawa.loku duruwala kamak.higana katanayakayek.wandi battayek.wahallu,Rata pawa dennek

  3. Gemunu says:

    හිටපු පා.ම. සජින්ද වාස් ගුනවර්ධනත් මේ වගේම බොරු ප්‍රවෘත්ති සාකච්චාවක් තියල ශැංග්‍රිල්ලා ගනුදෙනුවෙදි සිදුවී ඇති අල්ලස් ගැනීමක් ගැන හෙලිකලා. වහාම ඔහුවත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

  4. Gunaruwan says:

    mu honda minihek neweyi. anunge ganu horakam karana ratata ethanol gennala rata winasa karana ekek. mun thamayi me anduwath kawada hari wattanne.

  5. Asela says:

    Kohomada meyage talk eka …!!! Api dakka putu ussala gahapu hati sathek wage..? Muoo thamayi ethanol bedanne ratawate…? Api hithuwe naha Muoo wage ewunta ayema amathikam deyi. Kiyalath…??? Rate deshapalanayen athugaalama daanna ona ekek thamayi me nugath apathayath boruwata tie , kort daagena hitiyata Muoo 8 paas lonthayek

Main News