කතානායක ක‍්‍රියාත්මකයි… චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති කැදවා ප‍්‍රශ්න කරයි..

December 23, 2019 at 3:50 pm | lanka C news
කතානායක ක‍්‍රියාත්මකයි… චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති කැදවා ප‍්‍රශ්න කරයි..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (2019.12.23) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි. මෙහිදී, එලඹෙන 2020 ජනවාරී මස 03 දින සිදුවීමට නියමිත 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ වීම සහ ගරු ජනාධිපතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පිළිබඳව කටයුතු සිදුවිය යුතු ආකාරය තීරණය කෙරෙනි.

ගරු ජනාධිපතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප.ව 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීම‍ට තීරණය විය. ජනවාරී මස 03 දින ප.ව 01.00 සිට ප.ව 06.00 දක්වා පාර්ලිමේන්තුව යලි රැස්වීමට අද දින පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කෙරුණු අතර, එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ ගරු කථානායකතුමා විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම, මුලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම අනුපිලිවෙලින් සිදු කිරිමට තීරණය විය.

(කථානායක ධුරයට හිමි බලතල ප්‍රකාරව ජනවාරී 03 දින සභාව ආරම්භයේදී විපක්ෂ නායක අසුන නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෙන් කිරීමට මේ වන විට කථානායකවරයා විසින් තීරණය කර ඇති බව පක්ෂ නායක රැස්වීමට දන්වන ලදී).

ජනවාරී 03 දිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද තමාවෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අද දින කථානායකවරයා රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබීය. අද දින පක්ෂ නායක රැස්වීමේ දී අවධානයට ලක් වූ තවත් සුවිශේෂී කරුණක් වුයේ පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමයි.

එය මෙතෙක් අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැදවා දැනුවත් කිරීමට පියවර ගැනීමට තීරණය විය. එම අත්අඩංගුවට ගැනීමේ දී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබදව පොලිස් කොමිසන් සභාවේ අවධානය යොමු කිරීමට ද පක්ෂ නායකරැස්වීමේ දී තීරණය කරන ලදී.

අද දින පක්ෂ නායක රැස්වීම සදහා ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා,ගරු අමාත්‍යවරුන් වන:-අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා දිනේෂ් ගුණවර්ධන,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන්වන:සජිත්ප්‍රේමදාස,ගයන්තකරුණාතිලක,රවුෆ්හකීම්,රවිකරුණානායක, අජීත් පී පෙරේරා, මනෝ ගනේෂන් ,නිරෝෂන් පෙරේරා යන මහත්වරු ද එක් වුහ.

– කථානායක මාධ්‍ය අංශය

276 views

11 Comments to “කතානායක ක‍්‍රියාත්මකයි… චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති කැදවා ප‍්‍රශ්න කරයි..”

  1. Nim says:

    KIHELI KARU,
    AGILLA THARAMATA
    EDIMUNOTH HODA ?
    😇😇😇😇😇😇😇😇😇

  2. Nuwan says:

    Karu Jaysooriya you are a partial man. You didn’t utter a word when Sandeepa got injured by Champika you didn’t utter a word when our most venarable Hamuduruwo put under arrest. You old humbug shame on you. Remember this is not some pathola rule. You don’t mes with 6. 9 million votes. You got no mandate to be the speaker anymore if you have at least a bit of shame you will not be in this position.

  3. බන්ඩා says:

    කතානායකට ගෙදර යන්න ඇත්තේ මාස දෙකය්.

  4. Eiffel says:

    ලංකා පාර්ලිමේන්තුවෙ කුජීතම කතා නායක.. ඔහොම යමුකො තව මාස තුනයිනෙ….

  5. Sirisena Yatawara says:

    Current speaker the guy of Karunaterana Jaysooriya has lost of impartiality and Independence as Speaker of chamber since 1948.
    We have no confidence for his working shape of conducting of Parliment last 4 years and 7 months. Speaker is politically UNP affiliated man .

  6. Raj says:

    Highly polarized and biased speaker ever in the parliamentary history of Sri Lanka

  7. Raj says:

    Highly polarized and biased speaker ever in the History

  8. Citizen says:

    Parliament has no peoples mandate now to behave like that. If they do it is against the peoples wish. They will need to realize that its President GOTABAYA in power not sirisena. The 19 th amendment cannot reduce exceutive powers vested in by thw people at a parliamentary vote even by 2/3 majority without a referendum. So 19th is a flop of a constitution and ia illegal

    • Citizens of Lanka says:

      19 Amendment was products of SLFP leadership in 2015 Jan 8th after overthrown of MR and political and alliance by UNP leadership .
      Many of that SLFP’s has an accountability and responsibilities of all mistakes by SLFP and other as well members of Parliament.
      Well at time UNP had slim members in Parliment ? but really all misteken has to by SLFP JUH JNP and MEP other as well. Do not try passes to other your mistakes .

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බිහිවෙච්ච ජරාම, පක්ෂග්‍රාහීම කතානායක.
    මේ රටට වින කරන ඕනෑම කෙනෙකුට ස්වභාවධර්මය විසින් දඩුවම් කරනවා. විදවන්න වෙනවා. දුවට කැන්සර් එකක් හැදිලා ඒ බව පෙන්නා දුන්නා. තවම පාඩම ඉගෙන ගෙන නැහැ. ඔහොම යන්, ඔහොම යන්. නැවත පෙන්නලා දේවි.

  10. අනේ මේ අන්ගුලිමාලයා කවදාද චුත වෙන්නේ...අය්යෝ කොළ කබාය... says:

    අනේ මේ අන්ගුලිමාලයා කවදාද චුත වෙන්නේ…අය්යෝ කොළ කබාය… රතු අලි…කොළ කබා..මුට හොදයි අබායක් අන්දවල පිලිකන්නක එල්ලලා තියන්න. හීන් බබා

Main News