කතානායක බරහිට බලල් අතක්.. සුපිරි හෝටලයක සුද්දන් හා කුමන්ත්‍රණ… හඬපට සාක්ෂියි..
November 17, 2018 at 2:10 pm | lanka C news
බටහිර න්‍යාය පත්රයකට අනුව කතානායක කරු ජයසුරිය මහතා පක්ෂග්රාහි ලෙස හැසිරීමට බලපෑ බව කියන සිද්ධියට මුල් වී ඇත්තේ විදෙස් නියෝජිතයින් පිරිසක් කොළඹ සුපිරි හෝටලයක පැවැත්වූ ඉතා රහසිගත හමුවකදී ගත් තීරණයක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ විදෙස් නියෝජිත පිරිස ඔවුන්ට හිතවත් තීන්දුවක් ලැබෙන තුරු ඉතා රහසිගත ලෙස මෙම මෙහෙයුම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා එම හෝටලයේ පැවැති හමුවේදී ගිවිස ගෙන තිබේ.
ඒ අනුව අදාළ විදෙස් නියෝජිත මෙහෙයුම ලබන 07 වැනිදා උසාවි නියෝගය ලැබෙන තෙක් ඊට බලපෑම් එල්ල කෙරෙන අයුරින් මෙහෙයවීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් රිවිර ඉරිදා සංග්‍රහයට වාර්තා විය.
එම විදෙස් නියෝජිත පිරිසට කොටි හිතවාදී දෙමළ ඩයස්පොරාවේ පිරිසක්ද ඇතුළත්ය. ඔවුන් අදාළ හමුවේදී ගත් තීරණ පසුගියදා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී ලෙස හැසිරී තිබෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු හමු වී වෙනමම පවසා ඇත.
ජාත්‍යන්තර වශයෙන් රටට බලපෑම් එල්ල කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම විදෙස් නියෝජිත පිරිසේ ඉලක්කය වී තිබේ.
අදාළ තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් පවතින මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් දැන සිට ඇති අතර එක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට දුන් හඬ පටයකින් මේ බව අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තුව කැඳවූ පසුගිය 14 වැනිදා පටන් ඒ සෑම සැසිවාරයක් සඳහාම තානාපතිවරුන් පාර්ලිමේන්තුවට කැඳවීම, ඔවුන්ට සභා ගර්භය වීඩියෝ කිරීමට සැලැස්වීම සහ සෑම දිනකම පාර්ලිමේන්තුවේ සිදුවන දෑ වාර්තා කරමින් ජාත්‍යන්තරයට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමද අදාළ මෙහෙයුමට අනුව සිදුව ඇත.
මේ අතර දැනට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව රටවල් කිහිපයක් සමීපව අධීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බව පසුගිය සිකුරාදා වන විට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය සහ ජපානය ඇතුළු රටවල් ඒ අතර වේ.
ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පසුගියදා සිංගප්පුරුවේ පැවැති ජාත්‍යන්තර හමුවකදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
ඉෂාර රත්නකාර, භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්, ප්‍රබෝධා හෙට්ටිආරච්චි
– rivira
සිරිකොතේ කතානායක සහ බටහිර තානාපතිල ඹලුවෙන් හිටගත්තත් සිරිසේන ජනාධිපති ස්පීකර්ගෙ බය්ලා පිළිගන්නෙ නැහැ. බටහිරයො නෙවෙය් සක්රයාගෙ පුතා වයිමා කිව්වත් සිරිසේන නැවෙන්නෙ නැහැ. යූඑන්පී ය කුජීතය් සත්තය්, තීන්දුය්
AKA ATHA BATAHIRA
RATAWALA ME WA PRACHARA
KARANAWA
අපේ රට දියුනු කරන්න බැරි තොපි වගේ හොරිකඩයෝ නිසයි. මොකක් හරි උනාම බටහිරට බනිනවා. උන්ගේ රෙද්දක් නෑ යකෝ අපි අපේ රට හදාගම්මු. බැසිල් ල ඇමරිකාවේ පදිංචිය ඇත අරින්නේ නෑ. මොකක්ද තොපිට ඒ ගැන කියන්න තියෙන්නේ. රනිල් වැරදිලාවත් ඇමරිකාවේ පුරවැසියෙක් නම් තොපිට දැන් රෙවිල නේ..
තවත් සමනළයෙක්.
R u a butterly
ඒ උන්ගෙ තියන දේශපාලන බංකොලොත් භාවය රට ජාතිය ආගම කොටි රණවිරුවො බටහිර වගේ වචන වල පිහිටෙන්නුයි උන් පාර්ලිමේන්තුවට රිංගගන්නෙ
උඹ හරි. ඉස්සෙල්ලත් උන් පාර්ලිමේන්තුවට රිංගුවේ ඔය වගේ වචන කියලා. මතකද ඉට පස්සේ රිංගගෙන කොට්න්ට රට පාවලා දුන්නා. රණ විරුවෝ ඔක්කොම පාවලා දුන්නා. ලංකාවම කෑව. උඹ හරි බං ඒක මේ මෝඩ හරක්ට තේරෙන්නේ නෑ
රට පාවාදෙන කලු සුද්දා කරු රටින් පන්නනු
Its not the Tamils in Sri Lanka to be the problem.
THE CURSE FOR SRI LANKA IS THE TAMIL DIASPORA WHO IS PUSHING FOR A HIDDEN AGENDA FOR THE WEST.
ලංකාවේ බුද්ධි අංශ නෑද්ද; රාජ්‍ය විරෝධී කුමන්තරණ වෙනකොට අත් අඩංගුවට ගන්න නීතියක් නැද්ද?
ලංකාවේ ව්‍යාවස්ථාව ගැන උපදෙස් ගන්න උපදෙස් දෙන්න කියාපු බඩු ටික. මේක ප්‍රජාතන්ත්‍රවාදයද නැතිනම් පර-ජාත්‍යන්තර-වදයද ?
රනිල් හිතන්නේ චන්දයකට නොයා අල්ලාගෙන ඉදලා තම නාමික බිරිද (ඔවුන් විවාහව සිටින්නේ රටට පෙන්වීම සදහා පමණි, දෙදෙනාම වෙන් වෙන්ව සම ලිංගික ජිවිත ගත කරති) මෛත්‍රී වික්‍රමසිංහ බලයට ගෙන ඒම. පුළුල් පෙරමුණක් ගොඩ නගන මුවාවෙන් ඇය ඉදිරියට ගෙන නායකත්වය ලබාදීම. මොනවදෝ වැටෙන තුරු “එළුවා පසුපස ගිය නරියා” මෙන් සජිත් හිතාගෙන ඉන්නේ කොයි මොහොතක හෝ ඉබේ නායක කම ලැබුනොත් අරන් බලන්න. ඒ ඔහුගේ නොහැකියාව නිසා එයට ඇති බිය. කරු හිතන්නේ මේ මොහොතේ මොනම හෝ පජාත වැඩක් කරලා එජාපය රැකගෙන සජිත්ට නොව තම බෑනාට නායකත්වය ලබා ගැනීම. ජාතිවාදී පක්ෂ බලන්නේ එජාපය රැකගෙන මැතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධන මගින් රට බෙදා වෙන්කර ගැනීම. පාඨලී, ෆොන්සේකා, රාජිත බලන්නේ මේ අර්බුධ මැද කෙටි මගින් එජාපයේ දෙවැනි පුටුවට ලං වෙන්නට. බටහිර රටවල් බලන්නේ ඔවුනට අවනත “කළු සුද්දිය” මෛත්‍රී වික්‍රමසිංහට බලය ලැබෙන ක්‍රමයක් සැලසීම.මේ සියල්ලේ නිමාව බෙදුන, සංස්කෘතිය වැනසුණ බටහිර රුකඩ ලංකාවක්.