කතානායක මෝල්ටා යයි.. එංගලන්ත පාර්ලිමේන්තුවේදී ඉහල සැලකිලි.. රාජකීය භෝජන සංග‍්‍රහයකුත්..

January 9, 2019 at 8:03 am | lanka C news
කතානායක මෝල්ටා යයි.. එංගලන්ත පාර්ලිමේන්තුවේදී ඉහල සැලකිලි.. රාජකීය භෝජන සංග‍්‍රහයකුත්..

පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවිම සඳහා කථානායකවරයා (01.07) මෝල්ටාව බලා පිටත්විය.

මහා බ්‍රිතාන්‍යයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමඟ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පුළුල් අනුග්‍රහයක් ලබා දෙන වෙස්ට්මිනිස්ටර් පදනම සමඟ 2019 වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා කථානායකවරයා එක්වීමට නියමිතය.

කථානායකවරයාගේ ඉල්ලීම පරිදි පසුගිය තුන් වසර තුල පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) හා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ(කෝපා),කමිටු සාමාජිකයින්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ දෙනෙකුට වෙස්ට්මිනිස්ටර් පදනම මඟින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පුහුණු වැඩසටහන් රාශියකට සහභාගී වීමට අවස්ථාව උදාකර දෙනු ලැබිය.

ශ්‍රී ලංකා කථානායකවරයා වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විශේෂ පිළිගැනීමක් හා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර ඇත.

– කතානායක මාධ්‍ය අංශය

9,134 Viewers

10 Comments to “කතානායක මෝල්ටා යයි.. එංගලන්ත පාර්ලිමේන්තුවේදී ඉහල සැලකිලි.. රාජකීය භෝජන සංග‍්‍රහයකුත්..”

  1. නොදකින් ලංකාවෙ පාර්ලිමේන්තු ඉතිහාසයේම හිටියෙ නැහැ අවලමෙක් මෙයා වගෙ….බකිර් මාකර් ටිකක් පර වැඩ කළා ..මූ කුප්ප වැඩ කළා …

    • Nagasinha says:

      ගමේ UNP කාරයෝ සහ ජෙප්පෝ හාමුලාට කඩේ යනවා. හාමුලා රැජිනට කඩේ යනවා.

  2. Lusena says:

    Oxford giya pakeerlata pakkalikam karala agamati Kama arandenna sapot karapu ekata batahira kamathiyi
    Lusena

  3. සීගිරි says:

    ශ්‍රී ලංකාව නම් වූ තම නව යටත් විජිතයේ කටයුතු පිලබඳ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ බටහිර බලවතුන් හා IMF , world bank වැනි බටහිර ආයතනවලට වලට නොවේ නම් වෙන කාටද ? යටත් විජිතයේ වහල් ජනතාවටද ?..
    යටත් විජිතයේ හිමියන්ගෙන් කටයුතු තම අතට ගැනීමට ඇති එකම මග මේ නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක් ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර පමණක් බව කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය.

  4. Kings says:

    මෙයාට නොසලකා කොහොමද? බ්‍රිතාන්‍ය විතරක් නෙමෙයි. යුරෝපියන් යුනියන් එකයි, ඇමෙරිකාවයි කියන දේ හොඳින් ඉෂ්ඨ කලේ මෙයානෙ. අනේ හොඳයි. නහින දෙහින කාලෙ හොඳ සැපකුත් අරන් එන්න. ඇවිත් රට කෑලි නවයකට කඩමු. ඒව විඳවන්න උඹල ඉතිරු වෙන්නෙ නැහැනෙ. අපේ සිංහල බයියො ටිකයි ඒගොල්ලන්ගෙ දරු පරම්පරාවයි තමයි ඕවට මුහුණ දෙන්න ඉන්නෙ. හැබැයි උනුත් උඹලගෙ වලවල් වලටත් හෙන ඉල්ලයි.

  5. බන්ඩා says:

    සිරිකොතේ ස්පීකර් කරැනාරත්න ජාතික ගීය කියන කොට පපුවට අත තියා ගන්න බටහිර ගැති බොරැ බෞද්ධයෙක් බොරැ දේසප්‍රේමීයෙක්.

  6. vishnu says:

    යම රජ්ජුරුවොත් ලෑස්ති වෙලා ඉන්නෙ
    මූට සංග්‍රහයක් දෙන්න

  7. Mahi says:

    He will be the best speaker in Asia as RAVI became the best finance Minister.
    Thanks to tiger money.

  8. සීගිරි says:

    අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි… නිදහස් හා ස්වෙෙරී යයි කියා ගන්නා රාජ්‍යයේ මූලික නීතිය හෙවත් 1978 ව්‍යවස්ථාවද නව යටත් විජිතයේ අදෘෂ්‍යමාන පාලකයන් වන බ්‍රිතාන්‍ය විසින්ම හැදූ ලියවිල්ලක් බව දැන් එලි වී ඇත.හැංගි හැංගි වෙස් බැන්ද බටහිර අද එලියේ නටන්නට පටන් ගෙන ඇත.”නිදහස් හා ස්වෙෙරී” යයි කියන මේ රටේ පාර්ලිමේන්තුව තුලටම ඇවිත් බටහිර තානාපතිවරැ ප්‍රකාශ නිකුත් කරන්නට පෙලඹි ඇත.ඒ අනුව ඔවුන් මේ යටත් විජිතයේ නියම පාලකයන් බව දැන් එලිවෙමින් ඇත….මහින්ද,මෙෙත්‍රි හා රනිල් යන මේ කාටත් පැවරී ඇත්තේ බටහිර හාම්පුතාලා යටතේ මැනේජර් මහත්තයා ජොබ් එක කිරීමයි….යටත් විජිතය සදහා එහි හාම්පුතාලා පිලියල කරන programs ක්‍රියාවට නැගීමයි..ජනතාවගේ බෙල්ල මිරිකා කලට වේලාවට සිය හාම්පුතාලට ගෙවිය යුතු ණය ගෙවීමයි.ජනතාව මුන්ව උන්ගේ පවුල් පිටින්ම උන්ගේ හාම්පුතාලගේ තුරැලටම පලවා හැරීමට සූදානම් විය යුතුය !!!!!

  9. අංකූරා says:

    මෝල්ටා කියන්නේ මෝල්ලුන්ට යන්න තියෙන තැනක් ද ?, නැත්තං මෝල් වෙන තැනක් ද ?. කෝක වුනත් මෙයාට ගැලපෙනවා.

Main News