කතානායක රටේ හිටියා.. රජයේ ප්‍රධානියා අගවිනිසුරු නොවේ..
October 18, 2016 at 5:30 pm | lanka C news
‘ජනාධිපති, අගමැති, කථානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රී පවන්’ යන හිසින් යුතුව අප වෙබ් අඩවිය විසින් වාර්තා කල පුවත නිවරදි නොවන බව කථානායකවරයාගේ මාධ්‍ය ලේකම් පවසයි.
චීන රජයේ රජයේ ඇරයුමකට අනුව කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයින් චීන සංචාරය නිමවා ආපසු මෙරටට පැමිණියේ 2016-10-15 වන සෙනසුරාදා දිනයේ පෙරවරු 5.50ට බවද ඔහු කියා සිටී.
ඉන් පසු ජනාධිපති ටටමත්රිපාල සිරිසේන මහතා බිම්ස්ටෙක්ස් සමුළුවට සහභාගීවීම සදහා ඉන්දියාව බලා පිටත්ව කථානායකවරයා මෙරටට පැමිණ පැය 14 කට පසු බවත් අගමැතිවරයා බ්‍රසල්ස් බලා පිටත්ව ගියේ 2016-10-16 වන ඉරිදා අළුයම 3.15ට බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
සිදු වූ ප්‍රමාද දෝෂය හේතුවෙන් කතානායකවරයාට යම් අපහසුවක් හෝ තැවුලක් විනි නම් ඒ ගැන අපේ කණගාටුවද පල කරනු කැමැත්තෙමු.