කතානායක ව්‍යවස්ථාව කඩා ගිවිසුමක් රහිතව ආණ්ඩුවක් ගෙන යන බව පිලිගනී.. මෙගා ඇමති මණ්ඩලයට වරප්‍රසාද, වැටුප්, පහසුකම් ජනතා මුදලින්…[Video]

January 25, 2018 at 10:00 am | lanka C news
කතානායක ව්‍යවස්ථාව කඩා ගිවිසුමක් රහිතව ආණ්ඩුවක් ගෙන යන බව පිලිගනී.. මෙගා ඇමති මණ්ඩලයට වරප්‍රසාද, වැටුප්, පහසුකම් ජනතා මුදලින්…[Video]

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අමාත්‍ය මණ්ඩලය ඇමතිවරු 30 කට සිමා කොට ඇත. එහෙත් ගිවිසුමක් මගින් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ නම් එම කාලය තුල පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව එම සංඛ්‍යාව වැඩි කර ගැනීමට ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සපයා ඇත. මේ සම්බන්ධයෙන් වගවිම පාර්ලිමේන්තුවේ කථානායක සතුය.

එහෙත් යහපාලන ආණ්ඩුවේ කථානායකවරයාට තමන් සතුව ඇති ජාතික ආණ්ඩුවේ කල් ඉකුත් වු ගිවිසුම සම්බන්ධයෙන් අවබෝධයක් නැත. මෙය පාර්ලිමේන්තුව සම්ප්‍රදාය තුල ඉතා කණගාටුදායක තත්ත්වයකි. ඊට හේතුව මෙසේ කල් ඉකුත් වු ගිවිසුමක් සක්‍රිය ගිවිසුමක් ලෙස සගවා තබා ගැනිම නීතිවිරෝධී ය. එමෙන්ම ඒ හරහා රටේ විශාල මහජන මුදලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් 30 කට වැඩි නීතිවිරෝධී අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කිරිමට අනුබල දීම සම්බන්ධයෙනි.

UNP-SLFP ජාතික ආණ්ඩුවේ ගිවිසුම 2017 දෙසැම්බර් මස 31 වෙනිදා අවසන් වී ඇති බැව් ඒ සම්බන්ධයෙන් වගවීම ඇති කථානායකවරයා පවසයි. එමෙන්ම එම ගිවිසුමේ කාලය ඉකුත්ව ඇති බැව් හෙතෙම පිලිගනි. එබැවින් පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරයා ද රාජ්‍ය නිලධාරින්යෙකු ලෙස මීට වගකිව යුතුය.

එහෙත් මේ වනවිට සති හතරක් පමණ කල් ඉකුත්වි ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් නිත්‍යානුකූලව අදාළ පාර්ශවයන් දැනුවත් කොට එම ගිවිසුම් කාලයේදී ලබා ගත් වරප්‍රසාද හෝ පහසුකම් තවදුරටත් ලබා ගැනිම තහනම් කිරිම හෝ අත්හිටුවීම එම ගිවිසුම අධීක්ෂණය සම්බන්ධයෙන් නිත්‍යානුකූල බලය පැවරි ඇති පුද්ගලයා හෝ කණ්ඩායමක් මගින් සිදු කල යුතුය.

මේ වනවිට පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එම කාර්යය පැහර හැර ඇති බැව් පිලිතුර මගින් පැහැදිලියි. ඒ අනුව යම් දිනක රජයට හිතා මතා හෝ දැනුවත්ව අලාභයක් අනාර්ථයක් සිදු කිරිම යටතේ අල්ලස් හෝ දූෂණය පනත 70 වෙනි වගන්තිය යටතේ මොහුනට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට ඉදිරි රජයකට අවකාශ ලැබේ.

34 views

6 Comments to “කතානායක ව්‍යවස්ථාව කඩා ගිවිසුමක් රහිතව ආණ්ඩුවක් ගෙන යන බව පිලිගනී.. මෙගා ඇමති මණ්ඩලයට වරප්‍රසාද, වැටුප්, පහසුකම් ජනතා මුදලින්…[Video]”

  1. Rojer says:

    Can anyone file a case against the illegal government to highlight the case?
    I think still the legal system works

  2. Open mind says:

    අවුරුදු ගණනාවක් තිස්සේ මෙගා කැබිනට් මණ්ඩල වල බර අදින්නෙ ජනතාව තමයි.ඔය ටික නොතේරෙන ලක්ෂ 62 /48……ආදිය කියමින් චූන් වන ජනතාව ක් ජීවත් වෙන්න වෙර දරනවා
    .

  3. leon ma says:

    It won’t happen in reality. Even if the supreme court returns such a verdict, according to Anura Bandaranayake’s ruling stands as a precedent which says “Parliament is an independent body, therefore, no other institute shall dictate terms upon it.” Then the case is closed.

  4. Yasantha says:

    අනේ මෙහෙමත් කතානායක කෙනෙක්! මට මතක් වෙන්නේ විනෝදසමයේ බර්ටි ගුණතිලකගේ විකාරරූපි රංගනය!

  5. කක්කා නායක says:

    කක්කා නාකියට පස්සේ අකමැති කියන්න. අකමැතියා කිව්වට පස්සේ ඔයාලත් ඒකම කියලා කෑ ගහන්න. කැරි අල්ලේ ගෑ ගෙන අකමතියා නැති වෙලාවට රෙදි ගලවන්න. අම්මගේ පාර්ලිමේන්තුවක් නෙ මේක. ගමේ පරණ සොකරි මඩුවකවත් නැති විරළු. හතර බිරි කතා.

  6. indunil says:

    katae nariwaadan redda pallenn…………………

Main News