කතෝලික ආගමට එල්ල කල මිනි මැරුම් චෝදනා අස්කරගන්නේ නෑ.. මගේ ස්ථාවරය එයමයි..- මංගල

September 28, 2018 at 10:00 am | lanka C news
කතෝලික ආගමට එල්ල කල මිනි මැරුම් චෝදනා අස්කරගන්නේ නෑ.. මගේ ස්ථාවරය එයමයි..- මංගල

අගරදගුරු සහ කතෝලික ආගම සම්බන්දයෙන් තමන් විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය බවත් දැනටද තම ස්ථාවරය එය බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එම ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගන්නේදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

කතෝලික සභාව විසින් අන්‍යාගමිකයන්ට එරෙහිව දියත් කරන ලද භීෂණය මානව හිමිකම් වල මූලාරම්භය බවත් තම ආගම පිළිනොගන්නා හා ප්‍රශ්න කළ පුද්ගලයන්ට කතෝලික සභාව විසින් දෙතිස් වද දී මරා දැමීමද අන්‍ය ආගම්වලට එරෙහිව ආධිපත්‍ය පැතිරවීමට කුරුස යුද්ධයක් ඇති කළ බවද ඇමතිවරයා පසුගියදා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප‍්‍රකාශ කලේය.

මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙසේ සදහන් කර තිබින.

108 views

29 Comments to “කතෝලික ආගමට එල්ල කල මිනි මැරුම් චෝදනා අස්කරගන්නේ නෑ.. මගේ ස්ථාවරය එයමයි..- මංගල”

  1. Boo says:

    මංගලගෙ පැනි කොලු සෙට් එකම එලි බැහැලා එක එක නම් වලින් මාර සපෝට්. එකම එකා තමයි ඔය ලියන්නෙ. ලියන්නෝ කෙසේ ලීවත් කියවන්නෝ සිහිබුද්ධියෙන් කියවන බව දත යුතුය. ඒ බව නොදන්නෝ මෝඩයෝය.

  2. Love nature says:

    ක්‍රිස්තුස් වහන්සේ ලියූ ලිපියක්?

    1212 වසරේ මැයි මාසයේ දී සෙන්ට් ඩෙනිස් නගරයේ දී එවකට ප්‍රංශයේ රජු වූ II වන ෆිලිප් රජු හමුවීමට ගැටවරයකු පැමිණියා. ඔහුගේ නම ස්ටීවන් බවත් ඔහු වයස අවුරුදු 12 ක පමණ එඬේර කොලුවකු වූ බවත් කියැවෙනවා. ඔහුගේ අත ලිපියක් වූ අතර එමගින් කුරුස යුද්ධයක් සඳහා ජනතාව පෙළ ගස්වන ලෙස කියැවුණු බවත් පසුකාලීන වාර්තාවල​ සඳහන් වනවා. ස්ටීවන් විසින් ෆිලිප් රජුට පවසා ඇත්තේ තමන් සතුන් බලා ගන්නා අතර වාරයේ ක්‍රිස්තුස් වහන්සේ පැමිණ එම ලිපිය තමන්ට ලබා දී කුරුස යුද්ධයක් පිළිබඳ පණිවිඩය ජනතාවට ලබා දෙන ලෙස පැවසූ බවයි.

  3. Sapumal Bandara says:

    Lankaaweth Katholika-Cristiyanu ewun kala manushya ghaathana, poojakayin ghaathana apramaanai. Mangala kiyanne eththa. Ithihaasaye thiyena dewal.

  4. Kings says:

    උඹ ඕව කිව්ව කියල බුද්ධාගම් කාරයන්ගෙත් අන්‍යාඅගමිකයන්ගෙත් ඡන්දනම් බලාපොරොත්තු වෙන්න එපා. කොහොමත් ඡන්ද නැහැ.

  5. Sanjaya says:

    What Minster Mangala Samaraweera said was true.
    The Bishop cant deny the facts, which are opposite what he is trying to portray. He has not insult Catholics as he only referred what happened in the past in the name of Catholicism. Everyone knows Catholics have a bloody past and they cant deny that.

  6. Tomy says:

    මංගලගෙ ප්‍රතිපත්ති ගැන කිසිම සෑහීමක් නැහැ . දක්ෂතාවයක් නැත්තේ නැහැ . අප්‍රසන්න මනුස්සයෙක් . හැබැයි ඉතින් කතෝලික සභාවේ උඩින් පේන සුද නම් ඇතුලෙන් නැහැ . මිනී මැරීම් වල නූතන ක්‍රියාවන් තමයි කොටින්ට සහය දීම. තිත්ත ඇත්ත මේකයි .

  7. Panda says:

    මංගල හරි

Main News