කතෝලික පල්ලියකට ප‍්‍රහාරයක්..

November 29, 2021 at 4:40 pm | lanka C news
කතෝලික පල්ලියකට ප‍්‍රහාරයක්..

යාපනය කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයකට අද (29) අලුයම් කාලයේදී පුද්ගලයෙකු පහරදීමෙන් හානි සිදුවීම නිසා පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය කොටුව ආසන්නයේ පිහිටි අදාල කිතුනු දේවස්ථානයට අද අලුයම 3.30 ට පමණ පුද්ගලයෙකු ඇතුලු වී එහි දේව ප්‍රතිමාව ආරක්ෂිත කුටියට පහරදීමෙන් එම කුටියට හානි සිදුව ඇති අතර පසුව එහි දේපලවලටද හානි කොට ඇත.

අනතුරුව එහි පූජකවරයෙකු විසින් ඒ පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට පැමිණ පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගෙන අති අතර එම පුද්ගලයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මත්පැන් පානය කොට තිබීමෙන් කිසියම් මානසික ආතතියකින් මෙම පහර දීම සිදුකලෙ යැයි සැක පල කරන බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

38,172 views

7 Comments to “කතෝලික පල්ලියකට ප‍්‍රහාරයක්..”

  1. John the baptice says:

    මත්පැන් බොන අයට මේවා හොද පාඩම්. දෙවියන්වහන්සේ වතුර වයින් කරපු එකේ විපාක

  2. බන්ඩා says:

    පිළිම කඩල තියෙන්නෙ බීපු සිංහලයෙක්ද මෙලෙක්ද මුස්ලිමෙක්ද යන්න ⁣සැඟවිය යුතු නැහැ.

  3. බන්ඩා says:

    පිළිම කඩල තියෙන්නෙ බීපු සිංහලයෙක්ද දෙමලෙක්ද මුස්ලිමෙක්ද යන්න ⁣සැඟවිය යුතු නැහැ.

  4. මේ ප්රහාරයේ මහ මොලකරු කවුද ?

  5. Baldev Karmacharya says:

    This is a clear indication that there will be a election very soon.

  6. සවි අරික්කාල says:

    හයියෝ….! ඡන්දේ ලගයි වගේ….!

  7. සච්චිදානන්දන් says:

    යුද්ධය කාලයේදී මිසයිල ගැහුවේ එක්තරා පල්ලියක ඉඳලා. වැරදිලාහරි බෝම්බ දැම්මා නම් අන්තර්ජාතික ප්‍රසිද්ධියක් දීලා ලන්කාවෙ හමුදාව ආගමික සිද්ධස්ථාන විනාශ කරනවා කියන්න බලාගෙන හිටියේ. ඕවා කවරදා හෝ පලදෙනවා.

Main News