‘කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා.. අපි බලවත්..’ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යන බව අගරදගුරු ලෝකය අමතා කියයි..
January 24, 2022 at 10:22 pm | lanka C news
මෙරටට අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නැති බව අගරදගරැ මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් කාදිනල් හිමියන් මේ බව කීහ.
මෙම හමුව සංවිධානය කර තිබුනේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව විසිනි.
දේශීය වශයෙන්ම කිසිවක් සිදු නොවීම සහ නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා නොබලන වටපිටාවක් තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බවයි.
“අපි පුළුවන්තරම් උත්සාහා කළා. අපේ රට තුළ මේ ප්රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලටත් යනවා.
අපි ඒ රටවල්වට බලපෑම් කරනවා කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්දතා තියෙනවා. අගරදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අගරදගුරුවරු ඉන්නවා බලවත් රටවල්වල ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්.
අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න නමුත් ඒක කෙරුනේ නැහැ. අපිට පේනවා දේශිය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නෑ. නීතිපතිවරයා යටතේ ක්‍රියාත්මකවන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ”
දෙයියො බලාගනියි ලඟදිම…!!!!
මාර වැඩක් නේ. බලවත් රටවලට ආයාචනා කරන්නෙ ඇයි ඔය ඉන්නවා කියන දෙවියන් වහන් සේ කෝ ?
උන් වහන්සේ ඔබේ හඬ ගණන් ගන්නේම නැද්ද ?
එය ඔබට බොහෝම මදි පුංචි කමක් නේ.
අපේ රටේ නම් අමෙතිවරු කිලින්ම කියන්නේ දෙවිවරුන්ට. මේ දවස්වලත් බදු මිල අඩුකරන්න කියලා මිරිස් අම්බරනවා
අනේ ගොනෝ, දෙයියන්ට කියන්න මේක ස්වාභාවිකව වෙච්ච අනතුරක් ආපදවක් නෙමෙයිනේ?? මේක හිතාමතාම දේශපාලඥයින් ඇතුළු අන්තවාදී සංවිධාන විසින් සිදු කරපු වැඩක්…
Samuhika sapaya. One Jathiwadhi media karayek livuwama penala baragannawa IQ?
කාදිනල්තුමා අපේ රටේ උතුම් පුජකයෙක් .තමන්ගේ මව් බිමට විරුද්ධව විදේශිකයින්ගේ සහය පැතිමට තීරණය කිරීම සිංහලයෙක් ලෙස ඉතා නින්දිත ක්‍රියාවක් ….ඒ ගැන සිතා බලන්න ..රටේ ප්‍රශ්න රට ඇතුලෙම දී විසදා ගත යුතුයි ….( 1505දී ලංකාව ආක්‍රමණයට පැමිණි පෘතුගීසින් ද ක්‍රි. ව. 1658දී මෙරට ආක්‍රමණය කළ ලන්දේසින් ද ක්‍රි. ව. 1796දී ඉංග්‍රීසින් ද අප රට මුළුමනින්ම අත්පත් කර ගන්නට දැරූ උත්සාහයන් අපමණය.පෘතුගීසින්ට ද ලන්දේසීන්ට ද අපේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත්තේය ඒ පළාත්වල සියලුම බෞද්ධයෝ බලෙන් මිෂනාරි කතෝලික ආගමට හරවා ගත්තේය )අද කාදිනල්තුමා අනුගමනය කරන්නේ සිංහලයකු ලෙස නොවේ විදේශීය මිෂනාරි පුජකයකු ලෙසයි ..ඔහුට තමාගේ ජාතිය මව්බිම අමතකවූ නිසයි විදේශීය රටවලින් සහය ලබා ගන්නා බව පවසන්නේ …
මුන්නාන්සෙට සාතං වැහිලද මංද!
අද බත් මුකෙං- හෙට අඳෝ මුකෙං!
ඉල්ලං කෑමක්වත් කන්න හිතිලැයි?
අනිවාර්යයෙන් ලංකාවේ ඉන්න සක්කිලි දේශපාලුවොන්ට හොද පාඩමක් උගන්නන්න ඕන,නියමයි