කතෝලික පියතුමන්ලා ගමන් කල වාහනයකට ප්‍රහාරයක්..
December 29, 2021 at 12:40 pm | lanka C news
කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ නත්තල් උත්සව අවස්ථාවක් සඳහා සහභාගිවී නැවත ගමන් කරමින් සිටි කතෝලික පියතුමන්ලා පිරිසක් ගමන්ගත් කාර් රථයකට කිලිනොච්චියේදී කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් 28 දින පුද්ගලයින් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇතැයි ධර්මපුරම් පොලිසිය පවසයි.
ධර්මපුරම් මයිල්වාගනමපුරම් ප්‍රදේශයේ කිසියම් නත්තල් උත්සව අවස්ථාවකට ඊයේ (27) රාත්‍රි 10 ට පමණ සහභාගි වූ කතෝලික පියතුමන්ලා පිරිසක් නැවත ගමන් කරමින් සිටියදී පියතුමන්ලා ගමන්ගත් එක් කාර්රථයක් කිසියම් තරුණයින් පිරිසක් නවතා ඇත.
එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් අදාල තරුණයින් පිරිස විසින් පියතුමන්ලා ගමන් ගත් කාර් රථයට පහර දීමෙන් කාර්රථයට හානි සිදු වී ඇති අතර අදාල පහරදීමෙන් පියතුමන්ලා කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.
අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පියතුමන්ලා විසින් ධර්මපුරම් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකරන ලද පරික්ෂණ වලදී පහරදීමට සම්බන්ධ සැකකරුවනස් තිදෙනෙකු අද (28) උදෑසන අත්අඩංගුවට පොලිස් භාරයට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවට ද පොලිසිය පැවසීය.
කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකල අදාළ තරුණ පිරිස මුදල් සම්බන්ධයෙන් කතෝලික පියතුමන්ලා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකල පහරදීමක් බවට සැකපලකරන බවටත් කතෝලික පියතුමන්ලා ඉලක්ක කරගෙන සිදුකලද ප්‍රහාරයක් නොවන බවටත් ධර්ම පුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රහාරයට තවත් සැකකරුවන් පිරිසක් සමබන්ධ බවටද එම පිරිස්ද සොයා ධර්මපුරම් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ජෙසු තුමාට ගහපු ඇන තුන ගලවන්න බැරි දෙවියන්වහන්සේ මේ පියතුමන් බේරාගන්නේ කෙසේද?
හරි හරි ඔයා සියල්ල දත්..ඇයි කිතුනු නමකින් කොමෙන්ට් කරන්නේ මෙතන.හොඳ සිංහල නමක් නැද්ද තමුන්ට දාගන්න.
ඔන්න ඔය වගේ ගොං කතාවක් කියන්න ගිහින් තමයි ඒ පප්පල සෙට් එකත් ගුටිකාල තියෙන්නෙ. 😄😅🤣😂
පියතුමන් සෙට් එකට බැලුන් ප්රම්බන්න දුන්න නම් හේතුව හොයා ගන්න තිබුනා.
ෆාදර්ල හොදට නත්තල සමරල එන්න ඇත්තේ. දිව්‍ය යාගයේදී වයින් බොන අය නේ ඉතින්. පාටි ගැන කවර කතාද.
ඕකට අපි කියන්නෙ හීනමානය කියලා. තමුන්ගේ හාමුදුරුවරු ටික හොදින් තියාගන්න කො.