කථානායකට එරෙහි විරෝධතා.. උද්ඝෝෂණ..
November 24, 2018 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස බලකරමින් සහ කථානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඒක පාර්ශවික ලෙස ක්‍රියා කිරිම හේතුවෙන් ගිනිගත්හේන බස් නැවතුම්පොල අසල අද (24) උද්ඝෝෂනයක් පැවතුණා.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්ද රාජ මහතා විසින් මෙම උද්ඝෝෂනය සංවිධාන කර තිබුණි.
මෙම උද්ඝෝෂනයේදි අදහස් දැක්වු හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටියේ දුෂිත පාලකයන්ගෙන් තොර යහපත් පාලන බලයක් මේ රට තුල ඇති කිරිමට නම් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත් විය යුතු බවයි.
කථානායක කරු ජයසුරිය මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා එහි ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කරමින් සිටින බවයි.
එම නිසා මහ මැතිවරණයක් පවත්වා නව රාජයක් තුලින් නව කථානායකවරයෙක් පාර්ලිමේන්තුවට තොරා පත් කර ගත යුතු බවයි හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටියේ.
මෙම උද්ඝෝෂනයට ගිනිගත්හේන ප්‍රදේශයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණයට සහයෝගය දක්වන ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටියා.
– හැටන් රංජිත් රාජපක්ෂ
ME AHINSAKA MUHUNU
DUTUWA MA SETHENNE
ME JEEWETHA ELLANNE
SRI LANKA WATA
YAHAPATH WASANA WANTHA
ANAGATHAYAK NEDA ?
ME DUSTA AMAN YANTA
MOKADA AYA NOTHERENA ?
කතානායක තුමාගේ අභියෝගය බාරගෙන දෝෂාභියෝගයක් ගේන්න… වැඩේ ඉවරය් නේ ?නිකන් කකුලේ දියපට්ට හැදෙනකම් පාදයාත්‍රා ගිහිල්ල උගුරේ වතුර ලේවෙනකම් කෑ ගහල පලක් නෑ..
gon harak ralata kiyanneee…
mahinda mahaththayata kiyala kathanayakata wiruddawa chandayak wimasala ohuwa kathanayaka kamen elawanna…..
ethakota puluwan balanna parlimenthu balaya kohomada kiyala
Annahari ethakota wirudda pakshe nagitala yay . kathanaayaka elawanna 89/89