කථානායකට විරුද්දව දේශපාලන කුමන්ත‍්‍රණයක්.. මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..

December 31, 2019 at 3:50 pm | lanka C news
කථානායකට විරුද්දව දේශපාලන කුමන්ත‍්‍රණයක්.. මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනයයි.

“කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් අද (2019.12.31) දින ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

පසුගිය දෙසැම්බර් 27 වන සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරින් කැඳවා කථානායකවරයා විසින් බලපෑම් කල බවට එම පුවතේ සඳහන් වන නමුත්, කිසිදු විටක පොලිස් කොමිසමේ කවර හෝ නිලධාරියෙකු කථානායකවරයා විසින් කැඳවා බලපෑමක් සිදුකර නොමැත. (එහි සත්‍ය අසත්‍යතාවය පොලිස් කොමිසම වෙතින් තහවුරු කර ගැනීම මැනවි.)

සත්‍ය එසේ වන හෙයින්, මෙවැනි අසත්‍ය සහ පටු වුවමනාවන් මත මුළුමනින්ම ගොතන ලද පුවත් පලකිරිමෙන් සහ කථානායකවරයාට එරෙහිව දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේ දිනවල සැලසුම් සහිතව සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ තුළින් එතුමන් කිසිවිටකත් නොසැලෙනු ඇති බව මෑත ඉතිහාසය මගින් ඔප්පු කර ඇත.

ස්වාධීන කොමිසම් සභා ක්‍රියාවලියට පදනම සැපයූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය උදෙසා 1999 වසරේ සිටම කැප වු කරු ජයසුරිය මැතිඳුන් කථානායකවරයා ලෙස එම කොමිසම් සභාවන්හි ස්වාධීනත්වයට කැළලක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබනු ඇත.

කථානායක මාධ්‍ය අංශය

130 views

6 Comments to “කථානායකට විරුද්දව දේශපාලන කුමන්ත‍්‍රණයක්.. මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..”

  1. සරා says:

    පාහරයා.පාර්ලිමේන්තු ඉතිහාසයේ අප දන්නා කාලයේ බිහිවු පජාතම කතානායක.මුගේ ලග පුදුම පක්ශාග්‍රාහිබවක් තියෙන්නේ.ඒක ඒවගේ තනතුරකට ‌ෙකොහෙත්ම ගැලපෙන්නේ නැහැ.මුත් අර හිටපු ‌ෙපොලිස්පති වගේ තමන්ගේ ආත්මය නැති කර ගත්ත කතානායක ‌ෙකෙනෙක්.මු පාර්ලිමේන්තුවෙිදි තින්දු තිරන ගත්තේ අගමැතිගේ හස්ත සංඥා අනුවයි.මම හිතන්නේ මු තමයි සක්කිලිම කතානායක.

  2. මහ හොරා says:

    ඌම ඌට මැතිදුන් කිය‌ාගෙන. වෙන කවුරු කියන්නද? පාර්ලිමේන්තුවේ යූඇන්පී කථානායක.

  3. gamarala says:

    කරු කියන්නේ සිල් රෙද්දෙන් බෙල්ල කපන උපාසක ප්‍රවේසමෙන්

  4. Love nature says:

    ”අබ කෑ මිනිහගේ මොළේ දනවා වාගේ”- තමා කළ කී දෑ දන්නේ තමාම පමණි. අබ සැර කුළුබඩු වර්ගයකි එය වැඩිපුර අහාරයට ගැනීමෙන් නාසයේ දැවිල්ල හටගනී. එහෙත් එය කිසිවෙකුට පෙනෙන්නෙත් දැනෙන්නෙත් නැත දැනෙන්නේ තමාට පමණි වරදක් කල තැනැත්තා පසුව ඒ ගැන පසුතැවිලි වේ.

  5. Alapaluwa says:

    හරිම සුවධින පුද්ගලයා ඔය සුදු රේද්දපල්ලෙන් බේරෙනවා පෙනෙන්නේ. කථානයකුට පක්ෂයක් නැත නමුත් මු හැසිරෙන්නේ නියම කැපුවත් කොළ විදියට නොවේද?

  6. MD says:

    EYA GANA WARNANA KARAGANNA,SATHYA TORATURU ASATHYA BAWA PAWASANNA APE BADU MUDALEN PHITUWA GATH MADYA ANSHAYAK.API🐂🐂🐂🐂🐂🐂 NEDA?