කථානායක උස්සපු ලංකාවේ මන්ත්‍රීවරු මෙන්න..

March 8, 2017 at 11:32 pm | lanka C news
කථානායක උස්සපු ලංකාවේ මන්ත්‍රීවරු මෙන්න..

මෙහි දැක්වෙන්නේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් සකස් කරන ලද වාර්තාවකි.

1952 හෝ ආසන්න අවස්ථාවක වව්නියාව මන්ත්‍රී සී.සුන්දරලිංගම් (ස්වාධීන) පාර්ලිමේන්තුවෙන් පිටකලේ පුටුව පිටින් ඔසවාගෙන ගොසිනි. සුන්දරලිංගම්, නිදහසින් පසු ලංකාවේ පලමු කැබිනෙට්ටුවේ සාමාජිකයෙකු විය. අතුරු මැතිවරණ ගණනාවකින් ජයගත් පුද්ගලයෙකු වූ ඔහු, ලංකාවේ මුල්ම වරට ස්වාධීන දෙමළ රාජ්‍යයක් සදහා වන ලිඛිත සංකල්පය වන Eylom: Beginning of the Freedom Struggle; Dozens Documents ලේඛනයේ කතුවරයා ය.

1956 ට පෙර වරක් ගාල්ලේ ඩබ්ලිව්.දහසානායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථා නායකට සිදු වූනා යැයි මතකයක් ඇත. පිලිප් ගුණවර්ධන සහ එඩ්මන් සමරක්කොඩි (සහ තවත් අයෙකු නම දන්නවානම් කියන්න) ට කථානායක දුන් නියෝගයට විරෝධය පළ කිරීම නිසා 1960 ජූලී ආණ්ඩුවේ දී රොබට් ගුණවර්ධන ද පාර්ලිමේන්තුවෙන් පිටතට ගියේ පොලීසියේ, වේත්‍රධාරිගේ කර පිටිනි.

සත්‍ය වශයෙන්ම පොලීසියෙන් කරපිටින් යන්නට වූ අය අතර සුන්දරම කථාව රෝබට් ගුණවර්ධනගේ ය. රොබට් ගේ පහරට කාගේ දෝ දතක් ගැලවුණු බව ද කියවේ.

1955 අප්‍රේ්ල් 5 මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි දෙදහස් පන්සීය සම්බුද්ධ ජයන්තිය වැය ශිර්ෂයේ කථා කරන අතර ඔහුට කථානායක වාඩිවන්නට නියෝග කළේය. ඔහු එයට එරෙහිව පවත්වාගෙන ගිය අතර ඔහු ඉවත් කළේය. (මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද නඩුවකින් අවසන් විය.)

කලවාන අතුරු මැතිවරණ අවුලේ දී සරත් මුත්තෙට්ටුවෙගම හා අබේරත්න පිලපිටිය දෙදෙනා ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරිණි.

1980 දී සරත් මුත්තෙට්ටුගම පාර්ලිමේන්තුවෙන් ඉවත් කළේය. අවසාන වශයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ පුද්ගලයා සරත් සහෝදරයා ය.
[1964 දී වැලිමඩ ජාතික විමුක්ති පෙරමුණ මන්ත්‍රී කේ.එම්.පී.රාජරත්න ද පාර්ලිමේන්තුවෙන් ඔසවාගෙන ගිය කථාවක මතකයක් ඇත]

දිනේෂ් ගුණවර්ධන මෙම ලැයිස්තුවට අද අලුතෙන්ම එකතු විය.

– රජිත් කීර්ති තෙන්නකෝන් FB

6 views

5 Comments to “කථානායක උස්සපු ලංකාවේ මන්ත්‍රීවරු මෙන්න..”

  1. ඕවත් වැඩ ද මල්ලී says:

    මේ සෑම අවසථාවකට ම එක් පොදු සාධකයක් ඇත…එනම්ල මේ සෑම අවස්ථාවක දී ම ආණ්ඩුව UNP ය….කතානායක බහුතරයෙන් පත් වී ඇත.

    • asaranaya says:

      ලඟදීම කම්-කරුවා සුවර්ගස්ත වෙනු ඇත.ඔන්න අපි තෝ මැරියන් කියාපැතුවේ නැත.යාන්තමින් සුවර්ගස්ත වේවා කියා කීවෙමු.

    • Medamulana says:

      JO must continue this on daily basis. One by one for the next 50 days they should do this. Then P/karu will leave the chair for good and select a coffin to rest.

  2. RW says:

    Hon. Karu Jayasuriya is a person who respects law and order. He will never compromise with violators. We all saw how he handled Prime Minister when he was going out of control.

  3. දේශපාලුවා says:

    The main thing in this post is that Tamil separatism started prior to 1956 , the so called sinhala only bill and Sinhalese discrimination against Tamils.

Main News