කථානායක කරු ජයසූරියගේ දියණිය අභාවප‍්‍රාප්ත වේ…

November 2, 2016 at 10:42 pm | lanka C news
කථානායක කරු ජයසූරියගේ දියණිය අභාවප‍්‍රාප්ත වේ…

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය අද සන්ධ්‍යාවෙහි (02) ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වූවාය.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රාඩ් ෆෝඩ් (Brad Ford) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයෙන් (London School Of Economics) ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද දිනා ගත්තාය.

අනතුරුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හෙබවූ ඇය මිය යන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටියාය.

දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා (Martyn Dicker) සමගය. ඇය මිය යන විට හතළිස් වන වියෙහි පසු වුවාය. ඇයගේ අන්තිම කැමැත්ත පරිදි අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේදී සිදු කෙරෙනු ඇත.

– චමින්ද ගමගේ

28 views

8 Comments to “කථානායක කරු ජයසූරියගේ දියණිය අභාවප‍්‍රාප්ත වේ…”

  1. Aruna says:

    This news is not complete because there is no answer to everybody’s question “what is the reason for death?”.

    • xxx says:

      පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ.
      තම මව අහිමිවීමෙන් දුක්වන දරුවන් සහ බිරිඳ අහිමිවීමෙන් දුක්වන ස්වාමියා සහ දියනිය අහිමිවීමෙන් දුක්වන මව ගැන අපගේ කනගා‍ටුව.

      නමුත්, දෙමල බෙදුම්වාදීන්ට යුද්ධයෙන් ලබාගැනීමට නොහැකිවූ දේ බන්දේසියක තබා පිළිගැන්වීමටම, බටහිරයන් විසින් ඇටවූ මේ ආණ්ඩුවට සහයෝගයදුන්, කරූ ජයසූරිය ඇතුළු සැමටම, අනාගත පරපුර සහ දේශප්‍රේමීන් ගෙන් එල්ලවෙන දෙස් දෙවොල් සහ ශාපයෙන් ගැලවීමක් නෑ. අනාගතය පුරාවටම මේ සැමට උරුමවන්නේ දුක, විස්සොපය, විලාපය සහ වේදනාසහගත මරණ පමණි.

  2. Kawataya says:

    She had Ards.

  3. shantha dissanayake KURU says:

    kuhakaya karu / apahasa kalata wedune duwatai

  4. yahapala says:

    Rate kathanayakage daruwo london thawa polin gahila kathira gahapiyaw

  5. Dickie Bird says:

    Karu……………. its time time think back and a time for reflection !!!!!!!
    This death is some kind of a notice for you.

  6. ලංකා පුත්‍ර says:

    කවදාවත් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන රට ජාතිය සියල්ල බිල්ලට දෙමින් තම මඩි තර කර ගන්නා දේශපාලකයන් නුත් මියෙති . ඔවුන්ගේ දරුවොනුත් මියෙති . සත්‍ය නම් සියල්ල අනිත්‍ය බවයි . ඒ නිසාඅ අකල් වියෝ වලින් හෝ පාඩම් ඉගෙන ගෙන රටට ජාතියට විනාශයන් සිදු නොකොට තම දේශපාලනය සිදු කිරීමට දේශපාලකයන්ට නුවන පහල වෙත්වා .

Main News