කථානායක කරු විශේෂ ප්‍රකාශයක්… සජිත් පිල කැළඹෙයි…

September 17, 2019 at 1:20 pm | lanka C news
කථානායක කරු විශේෂ ප්‍රකාශයක්… සජිත් පිල කැළඹෙයි…

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඉදිරිපත් වන්නේ විධායක ජනාධිපති අහෝසි කිරීමේ සඳහාම බව කතානායක කරු ජයසූරිය මහතා පැවසූ බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර කථානායක කරු ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බවට වාර්තාවෙයි.

ඔහුගේ මෙම ප්‍රකාශය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් වනු ඇති බව එජාපයේ ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර පාර්ලිමේන්තුවේ වාර්තාකරුවන් කියා සිටින්නේ කථානායක කරු ජයසූරිය මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට කිහිප විටකම ප්‍රකාශ කර ඇති බවයි.

ඊයේ පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ පාර්ශ්වයේ ඇමැතිවරුන් කිහිපදෙනකු අද මංගල සමරවීර මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් කිසිසේත්ම වෙනත් පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ රහස් ඡන්දයක් හෝ පවත්වා ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙසත්ය.

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් මා ඇමතුහ.

ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ මා හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද මාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.

එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, තමන් එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

පළමුවෙන්ම මා කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි.

කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණි.

එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව මාගේ හැඟීමයි.

කරු ජයසුරිය,
කථානායක

 

93,649 Viewers

16 Comments to “කථානායක කරු විශේෂ ප්‍රකාශයක්… සජිත් පිල කැළඹෙයි…”

  1. පොරමෝලා says:

    හීං බබාගේ අමන පක්ෂග්‍රාහී ක්‍රියා සියල්ල රනිල්ට උවමනාවට සිදුවන බව පසුගිය කාලෙදී හොඳින්ම පැහැදිලි විය . ඒ නිසා මේ එන්නේද රනිල්ගෙ පිල්ලියක් බව සජිත් තේරුම් ගත යුතුයි..ඒ නිසා රනිල් වෙත පමණක් නොව හීං බබාටද ෆ්ලැට් වී චූ පහ වෙන තෙක් ගේම දීමට සජිත් තීරණය කරනු ඇත.

    • Samel says:

      වලේ පයයි ගොඩ පයයි සිටින මේ මහල්ලා එජාපයෙන් ජනාදිපති වරයෙක් පත්කර ගැනීමේ මහගු අවස්තාව නැතිකරන්ඩයි හදන්නේ. පබාටත් පැරදුන මේ මහල්ලා පක්ශයයට මෙවැනි විනාශයක් කරන්ඩ යන්නේ ඇයි. මම උග්‍ර යූ ඇන් පී කාරයෙක් නමුත් මගේ චන්දේ කටුගාල එනවා.

    • Nishantha says:

      sajiya eeta wada pambayek.meya tikak hari hodai.kawru awath gotath ekka ba

  2. SLCommunity says:

    Giyapaara Pabayek awa me paara ruukadayak genna hadanawa. Habai ekak mathaka thiyaganilla ubala ekekwath me sare dinanne na. Me rate minissunta dan ubala hamoma appiriya wela thiyenne. Me sare minissu vote karanne ma ratata kelawapu ubalage kalakanni yahapalane gedara yawannai.

  3. NARAYANA says:

    This rough has chainge the Central Highway designed tp save his cocunet land on the cost of us redesigning on paddy feild. How can he be trust for leader of the country ?

  4. රජින්ද says:

    කව්රුහරි මේ උන්නැහේට කියල දෙනවද මේ වෙනකොට මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න අරගල කරන්නේ කොහොමද කියලා. ජීවන වියදම සහ සෞඛ්‍ය සේවය රාජ්‍ය ආරක්ෂාව මේ ඔක්කොම එක වගේ පිරිහිලා තියෙන අපේ රටේ මිනිස්සුන්ට දැන් තියෙන දැවෙන ප්‍රශ්නය ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමද’? දැනට ඉදිරිපත්වෙලා තියෙන හෝ ඉදිරිපත් වෙන්න ඉන්න කිසිම කෙනෙක් නැහැ ජනතාවට ඕනදේ හදුනන. අර කවුද කිව්වා වගේ මී හරක් පට්ටියක සිංහයෙකුට රජ වෙන්න බැහැනේ, ඉතින් රජවෙන්නෙත් මී හරකෙක්ම තමා.

  5. රටෙ එකා says:

    රුසියාවට පුටින්. ඇමරිකාවට ට්‍රම්ප්. ඉන්දියාවට මෝඩි. අපිට මේ පතෝලයා කියලනම් කියන්න එපා.

    • අපිට රටක් ඉතුරු කර පල්ලා says:

      කරුට දිනන්ඩ බැරි හින්ද ඉතින් කමක් නෑ.රුසියාවට පුටින්. ඇමරිකාවට ට්‍රම්ප්. ඉන්දියාවට මෝඩි. ලංකාවට ගෝටා හොද නැත්ද නැත්නම් ඊර්ශ්‍යාවද?

  6. රනිල් says:

    නවතිනු දුර බලනු ලඟ නොබලනු

  7. CHAMI says:

    anta paradai
    mu ara 17k akka giaka neda
    muta wada paba hodai

  8. suresh olagama says:

    God UNP get your shit together … we don’t want to here your internal squabbles.. had enough of it …. and can someone please tell me how The hon speaker can talk of contesting from a party while still being holding the post….

  9. Sirisena Yatawara says:

    I regret to say or call that Karurathana Jaysooriya is butcher of Parliamentary Democracy since 1948 is that FIRST SPEAKER of HOUSE .He not only eliminated Presidency system of governance of Republic Constitution ,he has done irreparable damage to Parliment sovereign as well.He is real UNP undemocratic candidature of that anti -Nation person of all Sri Lankan. He will sell country and nations to USA and foreign power after elected by UNP leadership .

Main News