කදුකරයට අධික වර්ෂාවෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

April 18, 2021 at 5:30 pm | lanka C news
කදුකරයට අධික වර්ෂාවෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට (17) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පහත් බිම් ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 26 ක් ජලයෙන් යට වු බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

එම වතු නිවාස පේලියට ආසන්නයේ පිහිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් එම වතු නිවාස ජලයෙන් යට වි ඇත.

දික්ඔය ඇළ පිටාර ගැලිම නිසා වතු නිවාස තුල අඩි දෙකක් පමණ උසට ජලය පිරි ගොස් තිබු බවත්, වැසි ජලය බැස යාමෙන් පසු එම නිවාස වල පදිංචිකරුවන් නිවාස සුද්ද පවිත්‍ර කර එම නිවාස වලම යලිත් පදිංචි වු බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

පොඩයිස් වතු යාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ජලය රිසි සේ ගලා නොබැසිම නිසා දික්ඔය ඇළ පිටාර ගලන බවත්, එම ඇළෙහි ජලය රිසි සේ ගලා යාමට අවශ්‍යය කටයුතු කරන ලෙස පිඩාවට පත් වතු කම්කරුවන් කියා සිටියි.

දික්ඔය ඇළ ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමු වි ඇති බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,255 views

4 Comments to “කදුකරයට අධික වර්ෂාවෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි…”

  1. ෆකොරිස් says:

    ඔන ගොනා ගිය ආණ්ඩුව කාලේ අක්කර ….. අල්ල ගත්තා තව කිදෙනෙක් ඔය වගේ රජයේ කැළැ ඉඩම් අල්ල හන්න ඇද්ද මෙ ආණ්ඩුවේ ඉඩම් හොරා කාපු එවුන් එලිවෙන්නේ ඊළඟ අවුරැදු පහේ ඌන් තරගේට රජයේ කැළැ එලිකලාම හෙට අනිද්දාට නුවරඑළිය , කොළඹ තියෙයි හොදගෙන එවිල්ලා. එතකන් ටිකක් ඉවසපල්ලා

  2. SL says:

    තව තවත් කදුකර වනාන්තර ටික එලි කරල ගවල් හදමු,මහනුවර ටවුම වටෙ තබුනු කැලෑව වගේ කැලෑ ටික ඔක්කොම කපල හොටල් ,ගෙවල් හදමු..
    වැස්සට ගසාගෙන යමු

  3. Love nature says:

    රටේ සැම පළාතකම වැසි ජලය බැස යාමට රජය ක්‍රම සකස් කල යුතුය.

  4. Maha sinhale says:

    “අහසින් වැටුණු වැසි බිඳක් පවා මනුෂ්‍ය ප්‍රයෝජනයට භාජන නොවී මුහුදට ගලා නොයා යුතු ය”,

    පරාක්‍රමබාහු කුමාරයා.

Main News