කදුකරයට අධික ශීතලක්.. කදුකරයම පින්නෙන් වැසී යයි.. ජන ජීවීතයට දැඩි බාධා..
March 5, 2021 at 2:10 am | lanka C news
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අලුයම් කාලයේ අධික පිනිබර සිතල කාලගුණයක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට මෙන්ම ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.
දිවා කාලයේ අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතියද අලුයම් කාලයේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සෙල්සියන්ස් අංශක 6 ක පමණ උෂ්ණත්වයක් පැවතිම නිසා ප්‍රදේශය පුරා පින්නෙන් වැසි යාම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ ඇත.
අලුයම් කාලයේ පවතින අධික පිනිබර කාලගුණයත් සමග දිවා කාලයේ අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතිම නිසා තේ වගාවට දැඩි බලපැමක් එල්ල වන බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.
පවතින කාලගුණ විපර්යාසය සමග ජල මුලාශ සිදි යාමේ අවධානමකට ලක් වි ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලයද පවසයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
eka honda deyak neme oya tika wahinakota pahalata ………….?
කදුරටේ වන සතුන් සහ වන රක්ෂිත විනාශකිරීමේ සාපය ස්වභාව ධර්මයෙන් දඩුවම් ලබා දී ඇත