කදුකරයට දැඩි වර්ෂා.. නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි…
April 18, 2019 at 6:49 pm | lanka C news
නාවලපිටිය ප්‍රදේශයට අද (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවිම නිසා රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණුනි.
අද පස්වරු 2 සිට 3 දක්වා ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ බස් නැවතුම්පොල අසල සිට නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පොලිසිය ස්ථානය දක්වා ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වි තිබුණි.
නාවලපිටිය නගර මධ්‍යයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය අවහිර විම නිසා වර්ෂාව පවතින වේලාවන් වල ප්‍රධාන මාර්ගයේ කොටසක් වැසි ජලයෙන් යටවන බව නාවලපිටිය නගරයේ වෙළද ව්‍යපාරිකයන් පවසයි.
– හැටන් රංජිත් රාජපක්ෂ