කදුකරයේ බටහිර බැවුම්වලට අධික වර්ෂා… ආපදා රැසක්…

October 23, 2021 at 6:40 pm | lanka C news
කදුකරයේ බටහිර බැවුම්වලට අධික වර්ෂා… ආපදා රැසක්…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ආපදා රැසක් සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සහ තද සුලං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව බොගවාන වතු යායේ වතු නිවාස කිහිපයකට පිවිසෙන මාර්ගය අභියස තිබු විශාල මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට (23) දින අලුයම වන තෙක් බාධා පැමිණ තිබුණි.

(22) දින පස්වරු 5ට පමණ වර්ෂාවත් සමග ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලං තත්ත්වය සමග මාර ගස කඩා වැටුණු බවත්, ගස කඩා වැටෙන අවස්තාවේ මාර්ගයේ කිසිවෙකු ගමන් නොකර ඇති නිසා කිසිවෙකු අනතුරක් සිදු වි නොමැති බව එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියි.

මේ අතර තලවකැලේ පුඩළුඔය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පුඩළුඔය ජයහෙල ජාතික පාසලේ ආරක්ෂිත පැති බැම්මේ පුරවා තිබු අබලි ද්‍රව්‍ය රැසක් පස් සමග ප්‍රධාන මාර්ගයට ගලා ඒම හේතුවෙන් පුඩළුඔය පාසල් මාවතේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ප්‍රදේශවාසින් පවසයි.

(22) දින පස්වරු 5ට පමණ පුඩළුඔය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පාසලට අවට වැසි ජලය ආරක්ෂිත පැති බැම්ම ඔස්සේ ප්‍රධාන මාර්ගයට ගලා බැසිම නිසා පාසලට පහලින් පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වු බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත පාසලේ ආරක්ෂිත පැති බැම්මද කඩා වැටිමේ අවධානමක් ඇති බව ප්‍රදේශවාසින් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,610 views

One Comment to “කදුකරයේ බටහිර බැවුම්වලට අධික වර්ෂා… ආපදා රැසක්…”

  1. Susantha says:

    Dushta paalakayo aawama soba dahamath kopa wenawaa. Munge shaapayen apita kawadaa sanaseemak labeida

Main News