කදුකර කොටියෙක් නිවෙස්වලට පැන සුරතල් සතුන් කා දමයි..

October 3, 2020 at 4:40 pm | lanka C news
කදුකර කොටියෙක් නිවෙස්වලට පැන සුරතල් සතුන් කා දමයි..

හැටන් කොටගල ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව සැරිසරන කදුකර කොටියෙකු නිවාස වලට පැමිණි සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කිරිම නිසා භිතියට පත් නිවාස හිමියන් එම කදුකර කොටියා එම ප්‍රදේශයෙන් පලවා හැරිමට වනජිවි නිලධාරින් ක්‍රියාකල යුතු බව පවසයි.

දිනපතා රාත්‍රි කාලයේ නිවාස අසලට ඉතා සුක්ෂම ලෙස පැමිණෙන කදුකර කොටියන් නිවාස තුලටම පැමිණ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු කර ගන්නා බවයි නිවැස් හිමියන් පවසන්නේ.

එසේ නිවාස වලට පැමිණෙන කදුකර කොටියාට  හැටන් කොටගල ප්‍රදේශයේ ඇතැම් පිරිස් මදු අටවා අල්ලා ගැනිමට මේ වන විට කටයුතු කරමින් සිටියි.

එසේ ගොදුරු සොයා නිවාස වලට පැමිණෙන  කදුකර කොටියා අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට කටයුතු කරන ලෙස කොටගල ප්‍රදේශවාසින් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,864 views

4 Comments to “කදුකර කොටියෙක් නිවෙස්වලට පැන සුරතල් සතුන් කා දමයි..”

  1. මේ සතා කොටියා නොව දිවියෙක්. ලංකාවෙ කකුල් 4 කොටි නැත. කකුල් 2 ක තවමත් ඇත. දිවියා ගම් වැදීම ඉතාම භයානක දෙයක් බව මේ නිලධාරීන් තේරුම් ගත යුතුයි. දැනට උන් මිනිසුන්ට බියක් දැක්වූවත් යම් හෙයකින් දිවියකු මිනීමස් අනුභව කලහොත් එම රසට උන් වශීවනු ඇත. ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවක දිවියන් හා ව්‍යාග්‍රයින් මිනී මසට වහ වැටීමෙන් පසු මිනිසුන් 100-300ක් පමණ ඉතිහාසයේ මරාදමා ඇත. ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයෙන්ද මෙවන් සිද්ධියක් බ්‍රිතාන්‍ය පාලන කාලෙයේ වාර්තා වේ. මනුෂ්‍ය මාංසය අනෙක් සතුන්ට වඩා රසවත් බැවින් ඉන් පසු දිවියා සෑම විටම මනුෂ්‍යයින් ගොදුරු කර ගනී. සොහොන්වල මල මිනී පවා උන් ආහාරයට ගෙන ඇත.

    • Saman says:

      හරියට තමන්ගේ නමවත් ලියාගන්ඩ බැරි තමුසේ කොරහේ කිබුල්ලු දකින මිනිහෙක් .මෝඩ කතා නොකියා ඉන්නවා ඕයි.

  2. Kotagama says:

    Diviyan hema witama paninne wadiwi sitina minisuntayi. E wenath kuda sathek yeyi wataha gena. Owun minisunge mas kanne netha.

  3. weerasinghe says:

    උගුලක් අටවන්න තියෙන්නෙ මැරෙන්නම

Main News