කදුකර කොටියෙකු වහලය කඩාගෙන නිවසක් ඇතුලට ඇද වැටේ…
August 5, 2022 at 4:40 pm | lanka C news
සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුල කොටු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණ කදුකර කොටියා වැටි ඇත.
කදුකර කොටියා නිවස තුලට වැටෙනවාත් සමග නිවසේ පදිංචිකරුවන් කලබල වි නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවිබේරාගෙන ඇත.
නිවාස හිමියා වන එස්.සුරේෂ් කියා සිටියේ (04) දින රාත්‍රි 10.40 ට පමණ තමන් රුපවාහිනිය නරඹමින් සිටියදි එකවරම විදුලිය විසන්ධි වු බවත්, එම අවස්තාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවති බවත්, එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ගොස් පරික්ෂා කිරිමේදි කදුකර කොටියෙකු තමන් ගෙල දෙසට පැන්න බවත් එම අවස්තාවේ කදුකර කොටියාගෙන් මිදි බිරිද සහ දරුවා රැගෙන නිවසේ දොර වසා එළියට පැමිණි දිවිබේරා ගත් බවයි.
නිවස තුල කොටු වි සිටි කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුල පැය 16 ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන යන ලදි.
ලෝගි වතුයායේ තේ වත්තේ සැරිසරන කදුකර කොටින් රාත්‍රි කාලයේ ගොදුරු සොයා වතු නිවාස වලට පැමිණෙන බවත්, එසේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයෙකු ගොදුර කර ගැනිම සදහා පැමිණි අවස්තාවේ මෙම අනතුරට පත් වි ඇති බවයි ලිදුලි පොලිසිය සැකකරන්නේ.
නිර්වින්දනය කර අල්ලා ගත් කදුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
සතා නොමරා ආරක්ෂා කල අදාළ ගෙවල් හිමියාට ත්‍යාගයක් දියයුතුයි. මමත් එකතු වෙනවා !!
ඒ වගේම ගෙහිමියා නො මරා ආරක්ෂා කළ කොටියටත් මස් කට්ටක් දිය යුතු යැයි මම යෝජනා කරනවා මමත් චූටි ගාණක් දෙන්නම්
Very true. I will also donate
Ithin oyama dennako. Iwarai ne
Please send to Yala… 👍
Please do not re-locate this wild cat to Yala or any other location other than the central hills. If you re-lacate this animal to such area that animal may not suite to the tempreature of that area. You could send the animal to Horton plains or Nuckels range
ගෙදර බඩු වලට වෙච්ච අලාබහානි වලට වන්දියක් දියයුතුයි…