කදුරට උරුමය සුරැකීම පිළිබද ව්‍යවස්ථාපිත මණ්ඩලයක් නම් කරයි….
October 14, 2017 at 2:07 am | lanka C news
සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයට මෑතක දී එක් කරන ලද කදුරට උරැමය සුරැකීම පිළිබද විෂය සදහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපති ලෙස මධ්‍යම පලාත් සභාවේ හිටපු අධ්‍යාපන ලේකම් ඊ.එච්.එම්.පාලිත ඇල්කඩුව මහතා පත්කර තිබේ.
අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වෙත (12) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අදාල පත්වීම් ලිපි ප්‍රධානය කරන ලදී.
කදුරට උරුමය සුරැකීම සදහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙසේ ය.
ඊ.එච්.එම්.පාලිත ඇල්කඩුව ( සභාපති ) , එල්.ආර්.බී.දිසානායක ( උප සභාපති ) , අධ්යක්ෂවරුන් ලෙස නීතිඥ හරේන්ද්‍ර දුනුවිල , මහාචාර්ය සී.එච්.මද්දුම බණ්ඩාර , ආචාර්ය චූලනී රඹුක්වැල්ල , නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න , කිත්සිරි පතිරණ , අමිල සම්පත් බණ්ඩාර බෝගහවෙල බෝගොඩවත්ත , පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමිපාණන්.
පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ශිරාණි වීරකෝන් මහත්මිය , අතිරේක ලේකම් සමන් උඩවත්ත මහතා ඇතුළු ආයතන ප්‍රධානින් රැසක් සහභාගි වූහ.
– sbdissanayake media